Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හන්තාන ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු වන නිමල් පීරිස් ඊයේ (11) මහනුවර මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී නිමල් පීරිස් අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබේ.

මේ අතර අත්අඩංගුවට පත්වූ ආයතන හිමිකරු චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය නුවන්දි වීරසිංහ ද ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර අති බව දැනගන්නට ලැබේ.

එමෙන්ම ඊයේ දිනයේ දී මහනුවර උසාවි සංකීර්ණය අසළට එකතු වුණු සිද්ධියට මුහුණදුන් දැරියන්ගේ මවුපියන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු අතර ඔවුන් කියා සිටියේ සැකකරුවන් වෙනුවෙන් උපරිම දඬුවම් ලබාදිය යුතු බවයි.

එමෙන්ම රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් නමැති ව්‍යාපාරිකයා හදිසියේ ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවත් ඔහු රෝහල් ගත කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.

එමෙන්ම අධිකරණය අසල උද්ඝෝෂණයේ නිරතව සිටි දැරියකගේ පියකු කියා සිටියේ නීතිඥවරුන්ටද දරුවන් සිටිනා බැවින් සැකකරු වෙනුවෙන් නීතිඥ සහාය ලබා නොදෙන ලෙසයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S