Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

එකම තැන පියා පුතු දූ අවසන් සුසුම් හෙලූ මරණය තවමත් විසඳන්න බැරි අභිරහසක් වෙලා

පසුගියදා කොළඹ කොටහේන ශාන්ත බෙන්ඩික් මාවතේ නිවසක පදිංචිව සිටි පියා, දියණිය සහ පුතා හේතුවක් සොයාගත නොහැකි ලෙසින් අබිරහස් ලෙස මියයෑමට හේතු වූ විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතවම සොයාගැනීමට කොටහේන පොලිසිය රජයේ රස පරීක්ෂකවරයාගේ සහාය පතා ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටි තිදෙනා රාත්‍රි හැඳ සිටි ඇඳුම්ද වෙනස් කර අලුත් ඇඳුම් හැඳගෙන සිටිමත් ඔවුන් කිසියම් වස වර්ගයක් පානය කර ඒවා ශරීරගත වූයේනම් කෙසේ හෝ වමනයවීම බොහෝදුරට සිදුවන නමුත් එවැන්නට ඔවුන් සිටි නිවසේ දක්නට නොලැබීම සම්බ්නධයෙන් සැකය තවත් තීව්‍ර වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

එමෙනම් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිරය, මුත්‍රා සහ අමාශගත ද්‍රව්‍ය ඇතුළු පිත ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කොට තිබේ.

නිවසේ සිටි කාන්තාව එදින උදෑසන 8.30ට පමණ ශිෂ්‍යත්වයට පෙනී සිටින 9 හැවිරිදි පුතා ඉගෙනුම ලබන බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගුරු දෙගුරු රැස්වීමකට ගොස් ආපසු නිවෙසට පැමිණි අවස්ථාවේ සිය සැමියාගේ සහ දරු දෙදෙනාගේ මළ සිරුරු තැනින් තැන වැටී තිබෙනු දැක කෑගසා අසල්වාසීන්ට දන්වා තිබේ.

මිය ගිය පුද්ගලයා විටින් විට සිංගප්පූරුවට ගොස් ජංගම දුරකතන ගෙනැවිත් විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇති බවත් මීට පෙර ඔවුන් ආමර්වීදිය ප්‍රදේශයේ පදිංචිව සිට මෙම ප්‍රදේශයට පදිංචියට පැමිණි බවටද ලැබී ඇති තොරතුරු මෙන්ම ඔවුන්ගේ අතීත වර්තමාන සෑම තොරතුරක් පිළිබඳව දැඩි විමර්ශනයක යෙදෙමින් සිටින බව පොලිසිය පවසා තිබේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S