Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තරුණියන් දෙදෙනකු අතර හටගත් අසම්මත ප්‍රේමයක් දුරදිග යෑමෙන් පසු වයස අවුරුදු 20ක් වූ තරුණිය වයස 15ක් වූ තම අනියම් පෙම්වතිය ත්‍රිරෝදරියක දමාගෙන බලෙන් පැහැරගෙන යෑමට තැත් කිරීමේදී ගම්මුන්ට කොටුවී ත්‍රිරෝද රථයත්, රියැදුරුත් සහායට පැමිණි තවත් තරුණියක්ද සමඟින් පෙම්වතියන් දෙදෙනාද හෙට්ටිපොළ පොලිසියට භාර දී තිබෙනවා.
මේ පෙම්යුවළ ඥාති තරුණියන් වන අතර වැඩිමහල් තරුණිය (20) වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. හෙට්ටිපොළ ප්‍රදේශයේ ළාබාල (15) ඥාති තරුණියගේ නිවෙසට වරින්වර පැමිණ දින 2-3 ක් ගතකර යෑමෙන් පසුව මෙම සබඳකම ඇතිවී තිබුණා.

ඉහත සඳහන් 20 හැවිරිදි තරුණිය කොණ්ඩය තරුණයකු ලෙස කොටට කපා කලිසම් කමිස අඳිමින් පිරිමි ඇඳුම් පැලඳුම් භාවිත කරන තැනැත්තියකි. දුම්පානයට ඇබ්බැහි වී ඇති ඇයගේ ශරීරයේ කීප පළකම පච්චාද කොටා ඇත. මේ නිසා බොහෝ දෙනකුට ඇය තරුණියකැයි සිතා ගත නොහැකි වී ඇත.

හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි ළාබාල තරුණිය මැයට අමතා ඇත්තේ 'සුදු අයියා' නමිනි. මේ දෙදෙනාගේ හිතවන්තකමත් පෙර තරුණියගේ හැසිරීම් රටාවත් නිසා වැඩිමහල් තරුණියට හෙට්ටිපොළ නිවෙසට ඒමට තහංචි දැමීම හේතුවෙන් ඇය සිය පෙම්වතිය පැහැරගෙන යෑමට සැලසුම් කොට ඇත.

මේ සඳහා අවුරුදු 18ක පමණ තවත් තරුණියකගේ සහාය ඇතිව හෙට්ටිපොළ නගරයට පැමිණ තිරෝද රථයක්ද සූදානම් කරගෙන මේ පැහැරගෙන යෑම ක්‍රියාත්මක කොට ඇත.

පොලිසියේදී දිග හැරුණු මෙම අසම්මත පෙම් පලහිලව්වේදී දෙදෙනා ලියන ලද පෙම්පත් තොගයක්ද හමුවී ඇති අතර දෙදෙනා 'සුදු අයියා' හා 'ආදර බී' නමින් ආමන්ත්‍රණය කොටගෙන ඇත.

දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවීමට නියමිත අතර බාලවයස්කාර දැරිය පැහැරගෙන යෑමට පැමිණි බවට සැක කෙරෙන තරුණිය හා ඇයට සහාය වූ තරුණියත් එම ක්‍රියාව සඳහා සහායට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරත් හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S