Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මහමෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මගේ බිරිඳගේ පැලෝපීය නාලයේ වතුර ගෙඩි ඉවත් කිරීමට කරපු සැත්කමේදී ගෝස්‌ ගුලියක්‌ ඇගේ බඩ ඇතුළට යන්න ඇති බවට සැකකරනවා.

මේ පිළිබඳ පරීක්‍ෂණයක්‌ සිදුකොට සාධාරණත්වය ඉටුකරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයි සැත්කමට භාජනය වූ කාන්තාවගේ සැමියා වන ධනුෂ්ක ශ්‍රීමාල් ගුණසේකර මහතා පවසයි.

මෙම සැත්කමින් පසු බිරිඳ දිගින් දිගටම උදරයේ වේදනාවෙන් පසුවූ බවත් ඒ නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව කරනු ලැබූ එන්ඩෝස්‌කොපි පරීක්‍ෂණයේදී බිරිඳගේ ගුද මාර්ගයේ ගෝස්‌ ගුලියක්‌ ඇති බවට තහවුරු වූ බවත් ශ්‍රීමාල් ගුණසේකර මහතා කීවේය.

ඔහු මේ පිළිබඳ තවදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේ ද කීවේය.

මේ පිළිබඳ අගෝස්‌තු මස 03 වැනිදා ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයට සී. අයි. බී. (02) 117/11 යන අංකය යටතේ පැමිණිල්ලක්‌ කොට තියෙනවා. පොලිසියෙන් කීවා බිරිඳ රැගෙනවිත් කට උත්තරයක්‌ දෙන්න කියලා. මගේ බිරිඳගේ නම පවිත්‍රා සුභාෂිණී (28) අප පදිංචිවෙලා ඉන්නෙ මාරඹ අකුරැස්‌සේ.

බිරිඳ ජනවාරි මාසයේ ගැබ් ගත්තා. බිරිඳට බඩේ අමාරුවක්‌ තිබුණා. එක දවසක්‌ බිරිඳට අමාරු වුණා. අකුරැස්‌සේදී විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහු කීවා කරාපිටිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් වෙන්න කියලා. ජනවාරි මාසයේ අන්තිමේ කරාපිටිය රෝහලට ඇතුළත් කළා. ඉන්පසු බිරිඳ කරාපිටිය රෝහලින් මහමෝදර මාතෘ රෝහලට මාරු කළා. බිරිඳගේ පැලෝපීය නාලවල වතුර ගෙඩි වගයක්‌ තියෙනවා. ශල්‍යකර්මයකින් ඉවත්කරන්න ඕන කියලා කීවා. බබාට කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ කියලා කීවා. අපි කැමැති වුණා. සැත්කම කරන්න. පෙබරවාරි මාසයේ මුල් සතියේ පමණ සැත්කම කළා. නමුත් බිරිඳගේ බඩේ අමාරුව හොඳ වුණේ නැහැ.

පස්‌සේ අපි වාට්‌ටුව භාර හිටපු වෛද්‍යවරයාට හා ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. බබාට කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ කියලා කීවා. ගැබ්ගෙන මාස 04 කට පමණ පසු බිරිඳගේ වෝටර් බෑග් එක පුපුරලා රුධිරය වහනය වෙන්න පටන් ගත්තා. පස්‌සේ නැවත මහමෝදර මාතෘ රෝහලට ඇතුළත් කළා. ගබ්සාවක්‌ වෙලා බබා නැතිවුණා. පස්‌සේ නැවත ගෙදර ආවා. ඒත් බඩේ අමාරුව විටින් විට තිබුණා. පැලෝපීය නාලයේ අනික්‌ පැත්තෙත් වතුර ගෙඩි තියෙනවා ඒවා ඉවත් කරන්න ඕන කියලා කීවා. පසුගිය වෙසක්‌ පෝය දින බිරිඳ නැවත මහමෝදර රෝහලට ඇතුළත් කළා. එහිදී ස්‌කෑන් කරලා කීවා වතුර ගෙඩි උඩට ගිහින් තියෙන්නේ සැත්කමක්‌ කරන්න ඕන නැහැ කියලා.

බිරිඳගේ බඩේ අමාරුව හොඳවුණේ නැති හින්දා කොළඹ නගරයේ පෞද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. මාසයකට විතර බෙහෙත් දුන්නා. නමුත් බඩේ අමාරුව වෙලාවකට අඩුවෙනවා. වෙලාවකට වැඩිවෙනවා. මේ ගැන අපි වෛද්‍යවරයාට කීවා. ඔහු කීවා එන්ඩෝස්‌කොපි පරීක්‍ෂණයක්‌ කරන්න ඕන කියලා. මෙයාගේ එන්ඩෝස්‌කොපි එක කරන්න පැය දෙකක්‌ විතර ගියා. එම පරීක්‍ෂණයේදී තමයි හසුවුණේ අඟල් හයක්‌ විතර මහත ගෝස්‌ රීල් එකක්‌ බඩේ තියෙනවා කියලා. විශාල ගෝස්‌ ගුලියක්‌ තමයි තිබුණේ. එය මස්‌වලින් වැසිලයි තිබුණේ. එසේ තිබුණේ ගුද මාර්ගයේ කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය අතරයි. එන්ඩොස්‌කොපි පරීක්‍ෂණ දෙකක්‌ කරලා තමයි ගෝස්‌ ගුලිsයක්‌ තියෙනවා කියලා අනාවරණය කර ගත්තේ. පසුව සැත්කමක්‌ කරලා ඒ ගෝස්‌ ගුලිsය එළියට ගත්තා. පැලෝපීය නාලයේ වතුර ගෙඩි ඉවත් කිරීමේදී කරපු සැත්කමේදී ගොස්‌ කැබැල්ල බඩ ඇතුළට යන්න ඇති බවට අපි සැක කරනවා. ගිය ඉරිදා තමයි බිරිඳ ඒ පෞද්ගලික රෝහලේ ඉඳලා ගෙදර ආවේ. මේ තුළින් අපට වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් සාධාරණ පරීක්‍ෂණයක්‌ කරලා සාධාරණත්වය ඉටුකරන්න කියලා ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳ විමසීම සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලේ අධ්‍යක්‍ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මිය සම්බන්ධකර ගත්තද ඇය රැස්‌වීමක සිටින බවත් පසුව කතා කරන ලෙස ඉල්ලා සිටියා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S