Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඊයේ නිමා වුණේ සිදුවීම් ගණනාවක් හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින්.

ශිෂ්‍යත්ව විභාගය යනු සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් වුවත් එම අයිතිවාසිකම මඟ හැරුණු අවස්ථාවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාව වුණා.
පසුගිය 21 වැනිදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගය සදහා වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් රන්දෙණිවෙල විද්‍යාලයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් සංඛ්‍යාව 14ක්.

කෙසේ වෙතත් ඉන් දෙදෙනෙකු ඊයේ පැවති විභාගයට පෙනී සිට නැහැ.

මේ අතර මාතර අකුරැස්ස වැලිහේන කණිෂ්ඨ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි දෑත් අප්‍රාණික විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට ඒ සදහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා දීමට ශාලාධිපතිවරයා කටයුතු කර තිබුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් දැනුවත් කළ විට ශාලාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ව ඒ පිළිබඳ දැනුවත් කර නොතිබූ බවයි.

මව්පියන් පවසන්නේ නියෝජ්‍ය විභාග කොමසාරිස්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් තම දරුවා සම්බන්ධයෙන් අදාළ අවස්ථාව සකසා දී තිබූ බවයි.

අදාළ දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ කුමන කාරණ පැවතියද පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සියලු සිසුන්ගේ අයිතිවාසිකමක් බවයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S