Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හේතුව තාමත් හිතාගන්න බෑලු, දරු දෙදෙනාටත් වස දී පියාත් වස බොන්න ඇතැයි සැක, කාමරයේ තිබී කිරි පැකට් කීපයකුත් හමුවෙයි

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පියෙකු, දියණියක සහ පුතෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් සියදිවි නසාගෙන ඇති බවට සැක කරන බවයි. කොටහේන වාසල මාවතේ පිහිටි නිවසක සිහිසුන්ව වැටී සිටි ඔවුන් තිදෙනා හමුව තිබුණේ ඊයේ (19) පෙරවරුවේයි.

පසුව අසල්වාසීන්ගේ මැදිහත්වීමෙන් ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔවුන් නිවසේ වැටී සිටි ස්ථානයට ආසන්නයේ වූ කුඩා මේසයක් මත බීම වර්ගයක් සහ තවත් ආහාර වර්ග කිහිපයක් තිබී පොලිසිය සොයාගත්තා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46 ක් වූ වාසුදේවන් සිවකුමාර්, අවුරුදු 12 ක් වූ සිවකුමාර් කදර්ශනී සහ සහ 9 හැවිරිදි සිවකුමාර් කවන්ත්‍රන් නමැති තිදෙනායි. සිද්ධිය වූ අවස්ථාවේ දරුවන්ගේ මව පාසල් රැස්වීමක් සදහා නිවසින් පිටව ගොස් තිබුණා.

මෙහිදී මියගිය නව හැවිරිදි වියේ පසුවූ ශිවකුමාර් කදර්ශනී කොටහේන දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර හෙට (21) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටීමට නියමිතව සිටියේය.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ වාසුදේවන් සිවකුමාර්ගේ බිරිඳ නිවසේ සිට නැත. තම දරුවන් අධ්‍යාපනය ලබන දෙමළ මහා විද්‍යාලයේ පැවති මවුපිය රැස්‌වීමකට සහභාගි වීම සඳහා ඇය ගොස්‌ සිටියාය.

මෙහිදී අභිරහස්‌ අන්දමින් මියගිය 12 හැවිරිදි ශිවකුමාර් කදර්ශනී දැරියද කොටහේන දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

මියගිය වාසුදේවන් සිවකුමාර් පිටකොටුව ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක්‌ පවත්වාගෙන ගිය අයෙක් වන අතර මීට ටික කලකට උඩදී වාසුදේවන් සිවකුමාර් ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සිය මිතුරකුට රුපියල් හතළිස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාදී තිබූ බවත්, එම මිතුරා අදාළ මුදල ද රැගෙන රටින් පලාගොස්‌ තිබූ බවත් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම සිදුවීම නිසා වාසුදේවන් සිවකුමාර් දැඩි සිත්තැවුලට පත්ව සිටි බව ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. වාසුදේවන් සිවකුමාර් සහ බිරිඳ අතර කිසිදු ආරවුලක්‌ නොතිබූ බවත්, ඔවුන් ඉතාම සාමකාමීව ජීවත් වූ බවත් ප්‍රදේශවාසීන් පවසා තිබේ.

මියගොස්‌ සිටි පුද්ගලයන් අසළ පානය කළ කිරි පැකට්‌ කීපයක ආවරණ වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. වාසුදේවන් සිවකුමාර් සිය දරුවන් දෙදෙනාට කිරි පැකට්‌වලට දමා වස පානය කරන්නට දෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S