Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගිනිගත්හේන පොලිස් වසමට අයත් බැලැක්වෝටර් ප‍්‍රදේශයේ පදිංචි බාලකි‍්‍රෂ්ණන් කනගරාජ් නැමැති තිස්එක් හැවරදි එක් දරු පියෙක් ප‍්‍රපාතයකට ඇද වැටි මියගොස් තිබෙනවා.

මරණය සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරික්‍ෂණය හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් එස්. රාමිමුර්ති මහතා අද (10) පස්වරුවේ ගිනිගත්හේන රෝහලේදි පැවැත්වුවා.

මෙහිදි මහේස්ත‍්‍රාත්වරයා ගිනිගත්හේන පොලිසියට නියෝග කළේ මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසය.

මියගිය අය ඔහු පදිංචි නිවසට පිවිසෙන මාර්ගයේ අඩි තිස්පහක් පමණ ප‍්‍රපාතයේ වු කළු ගලක් මතට ඇද වැටි තුවාල ලබා සිටියදි වතුකමිකරුවන් පිරිසක් ඔහුව දැක ගිනිගත්හේන රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා.

මියගිය අයගේ බිරිද ඔහුව අත්හැර ගොස් ඇති අතර මියගිය අය ඊයේ (09) පස්වරුවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවෙන බව පවසා නිවසෙන් පිටව ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

ඇදවැටිමෙන් ඔහුගේ හිසට බරපතල ලෙස තුවාල සිදුවි ඇති බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පවසනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S