Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම පෙම්වතිය සතුටු කිරීම සඳහා කණකර බඩු සහ විදුලි උපකරණ ලබාගැනීමට නිවාස සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවී රුපියල ලක්ෂ 18කට වැඩි වටිනාකමකින් යුත් මුදල් සහ විදුලි උපකරණ කොල්ලකෑ අවු.18 සහ අවු.21තරුණයන් දෙදෙනකු වඳුරඹ පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත.
නිවසක කැටයක තිබූ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වදුරඹ පොලීසිය, මීටියාගොඩ පොලිස් වසමේ සුපිරි වෙළදසලකින් මුදල් කොල්ලකෑමක් ඇතුළු කොල්ලකෑම් රැසක් සිදුකළ කල්ලියක සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහි CCTV දර්ශණද පොලිසිය පරික්ෂා කර ඇත.

මුදල් කැටයක් සහ කැමරාවක් පැහැරගැනීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය, සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කැටයේ මුදල් සගවා ඇති තැනට ගොස් ඇත.

මේ අනුව පොලීසිය අදාළ මුදල් සාදවා තිබූ තැනට ගොස් පරීක්ෂණ කිරීමේදී මෙම මුදල් කැටයෙන් ගත් මුදල් නොවන බව හෙළිව තිබේ. මේ පිලිබඳව දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සගවා තිබූ මුදල් මීටියාගොඩ පොලිස් වසමේ සුපිරි වෙළද සලක් පසුගිය 05 දා බිඳ රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළ මුදල් බව සොයාගෙන තිබේ.

මෙම සුපිරි වෙළෙඳසල කොල්ලකෑමට සම්බන්ධ බවට සැකපිට තවත් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කල්ලියේ තවත් සැකකරුවෙකු හදුනාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

සැකකරුවන් විසින් බැංකුගත කරනු ලැබූ රුපියල් ලක්ෂ තුනක මුදලක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත. කොල්ලකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ හතක පමණ වටිනානමින් යුත් විදුලි භාණ්ඩ තොගයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා බද්දේගම ඉදුරුපත්විල සහ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

මෙම සැකකරුවන් විසින් තවත් කොල්ලකෑම් සිදුකර ඇත්දැයි පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබේ.

ගාල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පති ඩබ්. කේ. ජයලත් මහතාගේ උපදෙස් පරිදි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති, සහකාර පොලිස් අධිකාරි එල්.ආර්. කුමාරසිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වදුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ ලියනගේ, උප. පොලිස් පරීක්ෂක සි.සමරජීව, උප පොලිස් පරීක්ෂක අබේරත්න, පො.සැ.28782 නිමල් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S