Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

එකම පවුලේ දැරියන් තිදෙනෙකුට සිය ලොකු තාත්තා විසින් ලිංගික අපයෝජන කළ බව පවසමින් ඇගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 8,4 සහ දෙකහමාරක් වූ සහෝදරියන් තිදෙනෙක්.

මෙම දැරියන් සහ සැකකාර ලොකු තාත්තා පදිංචිව ඇත්තේ එකම ඉඩමක ඇති නිවාස දෙකකයි.
දිනපතා දියනෑම සඳහා ලොකු තාත්තාගේ නිවසට යෑමට දැරියන් පුරුදුව සිට තිබෙනවා.

එම අවස්ථාවන්වලදී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවල මෙම දැරියන්ට ඔහු විසින් අපයෝජනය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

පසුගිය දිනකදී එක් කුඩා දැරියක් තමන්ට ලොකු තාත්තා විසින් සිදුකළ දෙයක් පවසද්දී අනෙක් දරුවන්ට මාස කිහිපයක සිට තමන්ට සිදුවූ ලිංගික හිරිහැර ගැන පවසා තිබෙනවා.

එයින් පසු මව විසින් මේ ගැන අක්මීමන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ සැකකාර පුද්ගලයා සිව් දරු පියෙකු බවත් පළමු බිරිය අතහැර දෙවැනි බිරිඳ සමග ජීවත් වන බවත්ය.

සැකකාර ලොකු තාත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S