Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගන්තුන ප්‍රදේශයේ පාසලක හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසක් කැම්පස් ක්‍රමයට නවක ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධියක් වාර්තා වේ.

වාර්තා වන අන්දමට මේ පාසලේ හය ශ්‍රේණියට ශිෂ්‍යත්වය සමත්ව අලුතින් ශිෂ්‍යාවක් පැමිණ ඇත. එම දැරියට එම ශ්‍රේණියේම සිසුවියන් පිරිසක් එක්ව ඇගේ ඇඳුමේ කොටසක් කෑලි දෙකකට ඉරා කවාකාරව ගමන් කරවන ලෙස සිසුන් දෙපිරිසකට බලකර ඇත.

සිද්ධිය පිළිබඳව සැල වීමෙන් පසුව නවක වදය ලබාදුන් දරුවන්ගෙන් මෙසේ කෙළේ කුමක් නිසා දැයි විමසා ඇත. එහිදී එම ශිෂ්‍යාවන් ප්‍රකාශ කර ඇත්තේ අපි කැම්පස් ගියාම එහිදී කරන දේවල් කරන්න ඕනෑනේ. ඒ හින්දා ඒවා දැන්ම පුරුදු වෙන්නයි කෙළේ යනුවෙනි. පසුව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මෙම ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් දැරියකගේ වැඩිමල් සහෝදරියක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බවයි. ඇයට එහිදී නවක වදය ලබාදීමේ සිදුවීමක් නිවෙසේදී ප්‍රකාශ කර ඇත.

මෙය ඇසූ බාල සොහොයුරිය පාසලේදී අදාළ සිදුවීම අත්හදා බැලීමට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධියෙන් පසුව නවක වදයට ලක්වූ දැරිය පාසල් යෑමට අකැමැත්තක් දක්වා ඇත. විදුහල්පතිවරයා විසින් මවුපියන් සියලු දෙනාම කැඳවා තම දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හා ඔවුන්ට දැන ගැනීමට සැලැස්විය යුතු දේ හා අනවශ්‍ය දේ තෝරා බේරා ලබා දිය යුතු බවද පවසමින් දැනුවත් කර ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S