Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අම්මයි දුවයි බස් රථයකට පැනලා. කතරගම ඉඳලා හඟුරන්කෙත දක්වා වන්දනා නඩයක් අරගෙන යමින් හිටපු බස් රථයේ ගැටුණු 18 හැවිරිදි දියණිය එම ස්ථානයේම මිය ගියා.
54 හැවිරිදි මව බරපතල තත්ත්වයෙන් මහා මඟ වැටි සිටියද පැය බාගයක් යන තුරුත් කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ. වෙලා තියෙන්නේ මේ අම්මයි දුවයි මන්ද මානසික දෙන්නෙක්. ඒ අය නිතරම තමන්ට ගමේ අය කරදර කරන්න එනවා කියලා පොලිසියට පැමිණිලි කරනවලු. ඒ නිසා මේ අයට උදව් කරන්න ගිහිල්ලා කරදරේ වැටෙන්න කැමති නැති නිසා රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ කියලයි ගමේ අය කියන්නේ.

කොහොම වුණත් පස්සේ බදුල්ලේ මාධ්‍යවේදියෙක් මහා මඟ වැටි සිටි මේ කාන්තාව දැකලා එයාව රෝහලට ගෙනිච්චත් එයා ජීවිතෙන් සමුගත්තා.

මේ අතරේ පොලිසිය ඇවිත් බස් රථයේ රියදුරාවත් අත්අඩංගුවට අරගෙන බස් රථයත් පොලිසියට අරගෙන ගිය නිසා වන්දනා නඩය ලොකු අමාරුවක වැටුණා. මේ බව දැකපු ගම්මු ඉදිරිපත් වෙලා ඒ අයව කුරුවිතැන්න ශ්‍රී බෝධිරුක්කාරාමයට අරන් ගිහින් කන්න දීල හොඳට සැළකුවා.

මේ සිද්ධිය ගැන ගමේ කෙනෙක් අපට කිවුවේ මෙහෙම කතාවක්.

“මම සිද්දිය දැක්කා. දෙන්නා බෝක්කුව උඩ වාඩිවෙලා හිටියේ. අතින් අල්ල ගත්තා පාරට පැන්නා. ඒ දෙන්නා ටිකක් මන්ද මානසිකයි. රෙදිගලවාගෙන සමහර වෙලාවට පාරේ නිදාගන්නවා. මේ පැත්තේ බස් කාරයෝ දන්නවා ඒ ගැන. ගමේ කට්ටිය උදව් කරන්න යන්නේ නැත්තේ ඔය දෙන්නාගේ අතින් ඇල්ලුවත් දුෂණය කරන්න හදනවා කියලා පොලිසියට පැමිණිලි කරන හින්දයි. ඒකයි කවුරුත් උදව් කරන්න බය.”






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S