Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දෙහිවල හා බොරලැස්ගමුව අවට සිදුවු කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් හා මිනිමැරුම් ඇතුලූ අපරාධ රැසකට චෝදනා ලබා සිටි පුද්ගලයෙකු ඊයේ කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. බොරලැස්ගමුව කටුවාවල ප‍්‍රදේශයේදි මේ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

දෙහිවල අත්තිඩිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි චානක මධුරංග නැමති තිස් හැවිරිදි වියේ පසුවු පුද්ගලයෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබෙනවා. බොරලැස්ගමුව – පිළියන්දල මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මේ පුද්ගලයා මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ රාත‍්‍රි 10.15 ට පමණ අනතුරට ලක්කර තිබුණා.

පසුව ඔහු යතුරුපැදිය අතරමඟ දමා දිව යද්දි මෝටර් රථයේ පැමිණි පිරිස ඔහු හඹාගොස් වෙඩිතබා ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබි තිබෙන්නේ. තුවාල ලැබු චානක මධුරංග නොහොත් පොඩි චානක නැමැත්තා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණද ජිවිතය බේරාගැනීමට හැකිවි නැහැ.

මෙසේ මියගිය පුද්ගලයා ඉකුත් 21 වැනිදා දෙහිවලදි මන්න මංජු නැමති පාතාල සාමාජිකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙක්. 21 වැනිදා ඝාතන සිද්ධිය අසල තිබු සී.සී.ටී.වී කැමරාවක මෙසේ සටහන් වි තිබුණා.

ඊයේ රාත‍්‍රියේ පොඩි චානක ඝාතනය කිරීමේ සිද්ධිය සහ මන්න මංජු ඝාතනය කිරීමේ සිද්ධිය අතර සම්බන්ධය පවතිද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බවයි.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S