Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දිගු කලක්‌ විදෙස්‌ගතව ඇති බිරිඳ නැති අතරේ අවුරුදු 15 ක දැරියට අනිසි යෝජනාවක්‌ කළ පියෙකු හා එම දැරිය යාබද නිවසට කැඳවා ලිංගික අපයෝජනය කළැයි කියන තරුණයෙකු මේ මස 11 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා පසුගියදා (05 දා) නියම කළේය.

එසේ රක්‌ෂිත බන්ධනාගාරගත වූයේ පන්නල බඩබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිදරු පියෙකු වන දැරියගේ පියා හා යාබද නිවසේ පදිංචිව සිටි දැරිය සමඟ ඇඟලුම් පැවයි කියන 21 හැවිරිදි තරුණයෙකි.

119 ඔස්‌සේ ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදුකළ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියට සිය පියා නිරන්තරයෙන් ඇඳුම් ඉවත් කිරීමට ඇඳ ඇතිරිලි ඉවත් කිරීමට වැනි කටයුතුවලට නිරන්තරයෙන් උත්සාහ කරන බවත් එය ඉවසා දරාගැනීමට නොහැකි දැරිය සිය කිරිඅම්මාගේ ඇඳේ නිදන බවත් යාව පිහිටි නිවසේ තරුණයා ඒ අවසරයෙන් දැරිය සමඟ පෙම් සබඳතාවක්‌ මත නිවසට කැඳවා කලක පටන් අඹුසැමියන් සේ සිට ඇති බවත් අධිකරණය හමුවේ පැවැසීය.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව පන්නල පොලිසිය වෙන වෙනම ගොනුකොට තිබූ නඩු දෙකකට අදාළව සැකකරුවන් දෙදෙනා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම විය.

පන්නල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ සැරයන් සංජීවනී ළමාහේවා (6019) මහත්මිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර නීතිඥ ආසිරි ප්‍රනාන්දු මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S