Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාළම යට බියර් ටින් 3යි, තරුණිය සූර් වුණාම පෙම්වතා පැනලා ගිහින්,
පොලිසිය යද්දි වැනි වැනී ඉන්නවලු


අධික ලෙස මත්පැන් පානය කර පාසල් ශිෂ්‍යාවක් අනුරාධපුර - සෙන්ට්‍රල් කන්ද පාලම යට සිහිසුන්ව වැටී සිටියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා. 16 හැවිරිදි මෙම පාසල් දැරිය අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසලක ඉගෙනුම ලබන රඹෑව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණ වී ඇති බවයි අනුරාධපුර පොලිසිය සදහන් කළේ.

මෙම ශිෂ්‍යාව සෙන්ට්‍රල් කන්ද පාලම යටින් දිවෙන දුම්රිය මාර්ගය අසල වැටී සිටින බවට මුලින්ම දැක ඇත්තේ එහි ගමන් ගත් පුද්ගලයෙක්.
පසුව ඔහු මේ බව පොලිස් හදිසි අංකයට දැනුම්දී ඇති අතර, අනතුරුව, එහි පැමිණි පොලිස් නිලධාරින් දැරිය සොයා ගත්තා. මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම දැරිය උපකාරක පන්තියකට සහභාගි වීම සදහා ඊයේ උදෑසන නිවසින් පැමිණ ඇති බවයි. පසුව, ඇය සිය පෙම්වතා සමග බීර පානය කර තිබෙනවා.

පොලිස් නිළධාරින් එහි යනවිටත් ඇයගේ මිතුරන් බව කියන තරුණයන් තිදෙනෙකු හා තරුණියක ඇය වත්තම්කර ගෙන සිටි බවත් ඔවුන් විසින් ඇය රඹෑව කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි අනුරාධපුර නගරය් පිහිටි ප්‍රධාන පෙලේ මිශ්‍ර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන බවත් පවසා තිබෙනවා.

යම් හෙයකින් සවස් කාලයේ උතුරු දුම්රිය මාර්ගය හරහා දුම්රියක් ධාවනයව කෙරුණේ නම් ඇය දුම්රියේ ගැටීමට ඉඩතිබූ බව පොලිසිය සදහන් කරනවා. තරුණිය ඊයේ (31) අතිරේක පන්තියක් තිබෙන බවට නිවසට බොරු පවසා පෙම්වතා සමග පෙම්සුව විදීමට පැමිණ ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.

තරුණිය හා අතුරුදන් පෙම්වතා පාළම යටටවී පෙම්සුව විදිමින් බීර ටින් තුනක් පානයකර ඇති බවත් ඒවායේ හිස් ටින් එම ස්ථානයේ තිබි හමුව තිබෙනවා. අනතුරුව මෙම ශිෂ්‍යාව වෙරි වී ඇද වැටුණු නිසා, පෙම්වතා ඇයව එම ස්ථානයේ දමා පලාගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

පසුව එම ශිෂ්‍යාව ප්‍රතිකාර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඇය තවදුරටත් එහි ප්‍රතිකාර ලබන බව අප කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S