Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඔලිම්පික් රන් පදක්කම් සිහිනය තාමත් අපේ රටට හීනයක් විතරයි. හැබැයි ඒක දිගටම හීනයක් ම වෙන්න අපේ රටේ ක්‍රීඩා බලධාරීන්ගේ සමහර නොසැලකිලිමත් වැඩත් හේතුවෙනවා.

ඔලිම්පික් උළෙල දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගල සමරකෝන් ඔහු සහභාගී වූ මූලික වටයේ තරගයේදී අවසන් ස්ථානයට වුණා.. මීටර් 10 වායු රයිෆල් තරගයට එක්වූ මංගල අවසන් ස්ථානයට පත්වීම පිටිපස්සේ තියෙන අවධානය යොමු කල යුතු කතාවක් තමයි මේ.

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන වෙඩි තැබීමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම නියමිත ප්‍රමිතියට ඇත්දැයි සෙවීමට වෙනම නිලධාරී කණ්ඩායමක් කටයුතු කරළා.

ඒ වෙලාවේ මංගලගේ කලිසමේ බඳ පටිය නියමිත ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබෙනවා. ඒ නිසා බද පටිය ඉන වටේ අගල් 2ක් කපා දමන ලෙස මංගල සමරකොන්ට තරග සංවිධායකයන් නියෝගකරලා.. ඒ නියෝග අනුව බඳ පටිය අගල් දෙකකින් අඩුකර ගත්තත් ඉන් සමබරතාව සම්පූර්ණයෙන්ම ගිලිහී ගියා කියලයි මංගල කියන්නේ..

“මගේ වෙඩි තැබීමේ තරගයට අදින ඇඳුම නියම හදිසියේම වෙනස් වුණාම ගැටලු රාශියක් ඇති වුණා. රයිෆල් එකේ බැලන්ස් එක තියාගන්නේ ඉණ වටේ ඇති බඳ පටිය නිසයි. එක පාරටම ඒක කපලා දාන්න කීවාම හිතා ගන්න බැරි වුනා” සමරකෝන් කියනවා. මේ ඇඳුම ඇදගෙන ඉන්දියාවේ තරගාවලි දෙකකට සහභාගී වුණත් ගැටලුවක් ඇති වුණේ නෑ කියලත් ඔහු කියනවා.

“ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අලුත් ඇඳුමකට සල්ලි වෙන් කරලා තිබුණේ. අපේ සම්මේලනය මගේ ඇඳුම් සඳහා මිනුම් ගත්තා. දෙපාරක් ම ගත්තත් කෙරුණේ නෑ. ඔලිම්පික් එන්න කලින් ජර්මනියට යවලා සියල්ල නිවැරදිව කරන්න, පුහුණු වෙන්න අවස්ථාවක් දෙනවා කියලත් කිව්වා. ඒකත් කෙරුණේ නෑ. මා කාටවත් දොස් කියන්නේ නෑ. මම තරගයට පෙර ඇඳුම අඳිනකොට වෙන රටවල අය හිනා වෙනවා දැක්කා. මේ වගේ දුෂ්කරතා මැද වෙඩි තියනවා නොවෙයි. ක්‍රීඩාවත් එපා වෙනවා” මංගල සමරකෝන් කියනවා.

මංගල මේ කතාව කියල තිබුණේ Srilanka Sports වෙබ් සඟරාවට.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S