Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

‘‘මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු ගාණකට පස්සේ‘‘

මහනුවර සිට දින 5ක් පුරා පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව ඊයේ එහි අවසානය සනිටුහන් කළා. ඒ, කොළඹ ලිප්ටන් වටරවුමෙන්. පාද යාත්‍රාව අවසානයේ කොළඹ රැස්වීම පැවැත්වුණේ ලිප්ටන් වටරවුමේ නවතා තිබූ ජංගම රථයක පැනවූ වේදිකාවකයි.

පාද යාත්‍රාව අවසානයේ රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විය හැකි බවට දැනුම් දෙමින් ලිපියක් ද පොලීසිය ඊයේ උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දුන්නේ නාරාහේන්පිට අභයාරාමයේදියි.

පාද යාත්‍රාව, දළුගම, කැළණිය, පෑලියගොඩ ඔස්සේ පස්වරු 2ට පමණ කැළණි පාලම මතින් කොළඹ නගරයට ඇතුළු වුණා.

පසුව බේස්ලයින් මාර්ගය, මාළිගාවත්ත, පංචිකාවත්ත, මරදාන පසු කරමින් ඉදිරියට පැමිණියා.

මරදාන පසු කරමින් පා ගමනින් පැමිණි පිරිස් ඩාලි පාර ඔස්සේ ඉදිරියට පැමිණි අතර එම මාර්ගයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේදී ඇතැමුන් ‘හූ’ හඬ නැගුවා.

පසුව හයිඩ්පිටිය හරහා පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණි අතර එහි පැවැත්වූ අවසන් රැස්වීමේදී රැස්ව සිටි පිරිස ඇමතූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ඊළඟට පාද යාත්‍රාව පැමිණෙන්නේ ආණ්ඩුව ලබා ගැනීමට බවයි.

ඔහු කළ කතාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්......







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S