Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අම්පාර සමන්තුරේ කාරතිව් ප‍්‍රදේශයේදී 30 හැවිරිදි මොරිස් මරීනා නමැති කාන්තාවයි මේ ආකාරයට පුළුස්සා මරා දමා තිබුණේ.

ඇගේ සැමියා බව කියන 31 හැවිරිදි පුද්ගලයෙක් තමයි මේ මිනීමැරුම කළේ. පෙරේදා (04) රාත‍්‍රියේදී ඇයට පහරදී සිහිසුන්වූ පසුව නිවස ආසන්නයේ ගිනි ගොඩක් ගසා ඇයව පිළිස්සීමට සැමියා කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වෙලා.

මොවුන් දෙදෙනා විවාහවී තවමත් මාස 4 යි. සැමියාගේ බීමත්කම නිසා මේ දෙන්න අතරේ හුඟක් අඩ දබර ඇතිවෙලා. මේ බව එම නිවසේම කොටසක පදිංචිව සිටින මියගිය කාන්තාවගේ දෙමාපියන් සනාත කරනවා.

කොහොම වුනත් මිනි මැරුම කරද්දී ඔහු බීල ඉඳල නැහැ. නිවසින් පිටත ගිනි ගොඩක් තම දියණිය පුළුස්සා ඇති බව උදෑසනදැකල තියෙන්නේ අම්මයි තාත්තයි.

සිද්ධියෙන් පසුව නිවසින් පළායන්නට තැත්කර තිබුණ සැමියාව පොලිසිය මගින් අත්අඩංගුවට අරන්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S