Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

''පාරේ ලේ පැල්ලම්, 
අත්ඔරලෝසුවත් හමුවෙයි,
ඉන්න තැනක් ගැන තාම තොරතුරක් නෑ''

බම්බලපිටිය - කොතලාවල මාවතේ පදිංචිව සිටි කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලේමාන් පැහැරගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් මිලියන 5ක ත්‍යාග මුදලක් ලබාදීමට මෙම ව්‍යාපාරිකයාගේ පියා සූදානම් වනවා.

පැහැර ගැනීමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ පියා සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 077 010 19 71 යන ජංගම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් පැහැර ගෙන ගිය කල්ලිය ඔහු මුදා හැරීම සදහා රුපියල් කෝටි 2ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලීසිය පවසනවා.

පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ පියාට මෙම කප්පම් මුදල ඉල්ලා පෙරේදා දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර, ඔහු ඒ පිළිබදව පොලීසියට දැනුම් දී තිබෙනවා. පැහැර ගැනීමට ලක්වූ 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාගේ මව සහ පියා ඉන්දියාවේ සංචාරයක යෙදී සිට නිවසට පැමිණ ඇත්තේ පසුගිය 20 වන දා උදෑසනයි.

මොහු ඉකුත් 21 වන දා සාදයකට සහභාගි වී සිය මෝටර් රථයෙන් නිවස අසළට පැමිණ බිරිඳ නිවසේ ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටින අතරවාරයේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.

ව්‍යාපාරිකයා පැහැර ගෙන ගිය කප්පම් කල්ලිය පිළිබදව හෝ ඔහු රදවා සිටින ස්ථානය පිළිබද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එම මෝටර් රථය නතර කර තිබූ ස්ථානයේ තිබූ ව්‍යාපාරිකයාගේ අත්ඔරලෝසුව සහ කෑම පාර්සලයක් ද සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය නවතා තිබූ ස්ථානයට නුදුරේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට තිබූ බව ද පොලීසිය පවසනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා.

කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ නිල සුනඛයින් ඇතුලු පොලිස් කණ්ඩායම් හයක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S