Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අම්බලන්ගොඩ ලක්ෂ 18 කොල්ලකරුවන් මාට්ටු 
සොරකමට ඔත්තුදී ඇත්තේ ආරක්ෂාවට ගිය ඥාති පුතා(වීඩියෝ)

අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ (22) දහවල් මංකොල්ල කෑ රුපියල් ලක්ෂ දහ අටක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (22) රාත්‍රියේම අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ සහ ජා ඇළ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

පැමිණිලිකාරිය පොලොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇයට ස්ථීර පදිංචි ස්ථානයක් නොමැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එබැවින් ඇය ඥාතීන් සිටින වාරියපොළ, බලපිටිය, පොලොන්නරුව ආදී ප්‍රදේශවල වරින් වර නතර වී සිට ඇත. ඇයගේ පුතා ඉතාලියේ රැකියාවක් කොට ඇති අතර එකම දියණිය බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරතවී සිට ඇත.

පසුගිය දිනෙක පැමිණිලිකාරිය බලපිටිය ගොඩගෙදර ප්‍රදේශයේ සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසට පැමිණ ඇත්තේ සිය පුත්‍රයා විසින් ඉතාලියේ සිට එවා තිබූ මුදල් රැගෙන නිවසක් මිලදී ගැනීමටයි. ඒ අනුව පැමිණිලිකාරිය සිය සොහොයුරියගේ පුතාත් සමඟ ඊයේ (22) දහවල් අම්බලන්ගොඩ නගරයේ පිහිටි මූල්‍ය ආයතනයට (ෑ.ඔ.ෂ) පැමිණ ඇත.

එම මූල්‍ය ආයතනයෙන් ඇයට පොලියත් සමඟම රුපියල් දහඅට ලක්ෂ හැට දහස් නවසිය දාහතරක මුදල් චෙක්පතක් ලබාදී තිබේ. එම චෙක්පත පෞද්ගලික බැංකුවකට අයත් එකක් බැවින් එය මාරු කොට මුදල් රැගෙන රාජ්‍ය බැංකුවක තැන්පත් කරන ලෙස ඇය මෙහෙයවා තිබුණේ ඥාති පුත්‍රයා විසිනි.

ඒ අනුව ඇය ඉහත සඳහන් මුදල පෞද්ගලික බැංකු ශාකාවෙන් මාරු කොට, ඥාති පුත්‍රයකු සමඟ ත්‍රීරෝද රියකින් අම්බලන්ගොඩ මහජන බැංකුව අසලට ගොස් තිබේ. මහජන බැංකුව අසළ කහඉර ආසන්නයෙන්, ඇය පාර මාරුවීමේ දී අසල රැකසිටි තරුණයෙක් ඇයට පිහියක් පෙන්වා බිය කොට මුදල් බෑගයද රැගෙන යතුරු පැදියක නැගී ගාල්ල දෙසට පලා ගොස් ඇත.

පසුව ඥාති පුත්‍රයාත්, ඇයත් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියට පැමිණ පැමි‚ල්ලක් කොට ඇත. එහිදී පැමි‚ලිකාරියත් ඥාති පුත්‍රයාත් කළ ප්‍රකාශ එකකට එකක් පරස්පරවී තිබේ. එබැවින් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැමි‚ලිකාරියගේ ඥාති පුත්‍රයාගෙත් ප්‍රකාශ වෙන් වෙන්ව ගැනීමේදී මංකොල්ලයේ සුල මුල අනාවරණය කර ගැනීමට සමත්වී ඇත.

මංකොල්ලය සංවිධානය කොට ඇත්තේ ඇගේ ඥාති පුත්‍රයා බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය ඊයේ (22) රාත්‍රියේම මුදල් කොල්ලකා පලා ගොස් සිටි සැකකරු ජා ඇල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදීම අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

ඔහු ජපන් භාෂාව උගන්වන තරුණයෙක් බවද හෙළිවී ඇත. සැකකරු විසින් කොල්ලකන ලද මුදලින් රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් බැංකුගත කොට තිබූ අතර ඉතිරි මුදල ඔහුගේ නිවසේ අල්මාරියක සඟවා තිබී සොයාගෙන ඇත.

පැය විසිහතරක් ගෙතවීමටත් පෙර පොලිසිය විසින් සැකකරු සහ මුදලත් සොයා ගැනීමට සමත්වී තිබේ. අද (23) බැංකුගත කොට තිබූ මුදල සහ ඔහු මංකොල්ල කෑමට යොදා ගන්නා ලද යතුරුපැදියද සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවීම ආරම්භ කොට තිබිණි. පැමිණිලිකාරියගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා විසින් ජා ඇල ප්‍රදේශයේ තරුණයා මෙම මංකොල්ලයට යොදා‍ගෙන තිබුණි.

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බඩ්ලිව්.ඒ.මහින්ද මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිහ ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ කරයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S