Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ප්‍රමාදය නිසා මගීන්ට කෑම, නවාතැන් පහසුකම් දෙන්නත් වෙලා
මධ්‍යසාර පරීක්ෂණයෙනුත් අසමත් වෙලා

ගුවන් නියමුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර සිට කොළඹ බලා පැමිණීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL554 දරණ ගුවන් යානයක් පැය 15 ක ප්‍රමාදයකින් පසු ගමන් ආරම්භ කර ඇති බවට පුවත් පසුගියදා වාර්තා වුණා.

එමෙන්ම මේ වන විට වාර්තා වන තොරතුරු අනුව ගුවන් යානයේ මෙහෙයුම් භාර ගැනීමට නියමිතව සිටි ගුවන් නියමුවා මද්‍යසාර පරීක්ෂණය අසමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය තහවුරු කර තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ නියමුවා මධ්‍යසාර භාවිතා කර ඇති බවට පැවසෙන අතර ඒ නිසාවෙන් ඔහු මෙහෙයුම් භාරගැනීමට තිබූ යානය නියමිත වේලාවක පියාසර කිරීමට හැකිව නැහැ. මේ හේතුවෙන් පැය 15ක් පමණ යානයේ ගමන් කිරීමට සිටි මඟීන් ප්‍රමාද වී තිබෙනවා.

මෙම ප්‍රමාදය හේතුවෙන් ගුවන් මගීන්ට අවශ්‍ය ආහාරපාන සහ නවාතැන් පහසුකම් සලසා දී තිබූ අතර, ඔවුන්ට යුරෝපා සංගමයේ නීති රෙගුලාසිවලට අනුකූලව වන්දි පිරිනැමීමක් සිදුවනු ඇති බවද දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම මේ වන විට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසා තිබෙනවා.

සිදුවූ ප්‍රමාදය හේතුවෙන් යානයේ ගමන් කිරීමට සිටි මගීන්ට නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පාන ආදිය ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතර වියදමක්ද දැරීමට සිදුව ඇතැයි ආරංචි ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S