Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වයස අවුරුදු දාහතරක බාල වයස්කාර පෙම්වතිය නිවෙසින් පිටතට ගෙන ගොස් පෙම් කරන්නට පුරුදුව සිටි පෙම්වතකු එය පෙම්වතියගේ නිවැසියන් දැන ගැනීමෙන් පසු අරලගංවිල පොලීසිය කියයි.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ සිරිපුර, රන්කෙත්ගම පදිංචිකරුවෙකි. පොලීසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය.

රාත්‍රියේ නිවැසියන් නිදි අතරේ පෙම්වතිය සොයා ආ පෙම්වතා පෙම්වතිය සමග නිවෙසින් පිටතදී පෙම් කෙළිමින් සිටියදී පෙම්වතියගේ මවට ඇහැරී බලන විට දියණිය නොමැති බව දැන කෑ ගැසීමත් සමග කලබලයට පත් දෙදෙනාගෙන් පෙම්වතිය හඩමින් නිවෙසට පැමිණ ඇති අතර, පෙම්වතා පලාගොස් තිබේ. දියණියගෙන් කරුණු විමසූ මවුපියන් දියණියට ලිංගික අතවරයක් සිදුකර ඇතැයි දැනගෙන පසු දින (14දා) අරලගංවිල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. එම පැමිණිල්ල විභාග කිරීම සදහා සැකකාර පෙම්වතාට 15දා පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, එදින පෙ.ව. 8.30ට පමණ තරුණයා නිවෙසේදි මෙසේ ගෙල වැලලාගෙන තිබේ.

මියගිය අය පෙම්වතියට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකොට ඇති බැවින් බාලවයස්කාර දැරිය රෝහල් ගත කළ බවද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති පො.ප. ලස්නත බණ්ඩාර මහතා පැවසුවේ මෙම දැරියට බරපතල ලිංගික අපයෝජනයක් සිදුව ඇතත්, ස්ත්‍රී දූෂණයක් සිදුව නැති බවත්, වර්තමාන තරුණ පෙම්වතුන් හා බාලවයස්කාර පෙම්වතියන් යොවුන් ආදරය ලිංගිකත්වයට සීමා කිරීමෙන් මෙවැනි අකල් මරණවලට ගොදු වන බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලීසිය සිදුකරයි.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S