Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පෙම්වතියක් බෙදා ගැනීමට නොහැකිව සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් ඔවුන් දෙදෙනා පේපර් කටරයකින් එකිනෙකා කපාගෙන තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනුරාධුරයේ නගරයේ පැවැත්වෙන උපකාරක පංතියක් සඳහා පැමිණි මොවුන් පාසල් වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්.

පේපර් කටරයෙන් කපාගැනීම නිසා ගෙලට සහ අතකට සිදුවූ තුවාල නිසා දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබුණා.

එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ ගෙලට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව අනෙක් සිසුවා පේපර් කටරය උදුරාගෙන අනෙක් සිසුවාද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අනුරාධපුර ඇලයාපත්තුව හා තලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 17 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනක්.

සාමාන්‍යපෙළ විභාගය අසමත්වීම නිසා ඔවුන් මෙලෙස උපකාරක පංතියට සහභාගී වනබවයි වාර්තා වුණේ.

එම පංතියේම ඉගෙනුම ලබන නිවුන් තරුණියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සමග ඇතිකරගෙන තිබෙන ප්‍රේම සබඳතාවක් නිසා මෙම ගැටුව ඇතිව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S