Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඊයේ රෑ කෝල් එකක් දීලා.. 
ඊට පස්සෙයි මේ අයව මරලා තියෙන්නේ..

එකම පවුලේ මව, ඇගේ පියා සහ අවුරුදු එකහමාරක් වුණු පුංචි දියණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිද්ධියක් ගැන වෙල්ලාවලි පැත්තෙන් අහන්න ලැබුණා.

ඊයේ පාන්දර 1.00 ට විතර මේ සිද්ධිය වෙලා තියෙනවා කියලයි පොලිස් තොරතුරු වාර්තා කළේ.
අවුරුදු 24 ක් වුණු පේරින්බන් විජිතා වගේම 56 හැවිරිදි කන්දයියා පේරින්බන් වන ඇගේ පියා සහ ප්‍රශාන්තන් ශස්මිකා දියණිය ඒ විදිහට ජීවිතෙන් අකාලේ සමුගෙන තිබුණා.

පවුල් ආරවුලක් නිසා විජිතගේ සැමියා විසින් මේ සාහසික ඝාතනය සිදුකරලා කියලයි විමර්ශනවලින් හෙළිවෙලා තියෙන්නේ.

කාලයක් විදේශගතව සිට ඇති සැකකරු වෙල්ලාවලි ගමට ඇවිත් තමන්ගේ බිරිඳ එක්ක කතාකරලා තියෙනවා කියලත් වාර්තා වනවා.

ඒ කොහොම වුණත් ඔවුන් දෙදෙනා කාලයක ඉඳන් වෛරයෙන් සිට ඇති බවත් පොලිසිය කියනවා.

කාන්තාවගේ සහ පුංචි දියණියගේ සිරුරු නිවස අසල තිබුණු ළිඳකින් හොයාගන්න පොලිසියට පුළුවන්වුණා.

මියගිය කාන්තාවගේ පියා රෝහල් ගතකිරීමෙන් පස්සේ ජීවිතෙන් සමුඅරන්. සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S