Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මම ජනප්‍රියත්වය පස්සෙන් යන කෙනෙක් නෙමෙයි
නිපුණිකා හේවාගමගේ


'පබසරා' ටෙලි නාට්‍යයයේ පබසරා ගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ ටික කලක සිට රංගනයෙන් දකින්නට ලැබුණෙම නැහැ. ඊට හේතුව වුණේ ඇය රංගනයට කෙටි විරාමයක් දෙමින් වෙනත් රැකියාවක් තෝරා ගත් නිසයි. බොහොම කැමැත්තෙන් තෝර ගත්ත රැකියාවෙන් හිටි හැටියේම ඉවත් වුණ නිපුණිකා නැවත රංගනයට පිවිසෙන බව අහන්න ලැබුණා. 


නිපුණිකා හිටි හැටියේ රස්සාවෙන් අස් වුණා කියන්නේ ඇත්තද ?

ඔව්. මම ජොබ් එකෙන් අයින් වුණා.

කලක් බොහොම කැමැත්තෙන් කරපු රස්සාවෙන් හිටි හැටියේ අයින් වුණේ?


මම රැකියාවට ගියාට පස්සේ රංගනයට පොඩි විරාමයක් දුන්නත් ක්ෂේත්‍රයේ අයගෙන් මට විරාමයක් ලැබුණේ නැහැ. දිගටම ආරාධනා ලැබුණා. මගේ හිතත් වැඩි නැඹුරුව තිබුණේ කලාවටනේ.. ඉතින් ආයිත් නිර්මාණවලට එකතු වෙන්න හිතුණා.

ඔය දෙකම සමබරව කර ගෙන යන අය ඕනෑ තරම් ඉන්නවානේ?


ඔව්. නමුත් මම බයයි. මගේ අතින් එක දේකට හරි අඩුවක් වෙයි කියලා.

ඒ කියන්නේ නිපුණිකාට තමන් ගැනම විශ්වාසයක් නැහැ?


මට ඕනේ මගේ වගකීම හරියට ඉටු කරන්න. අනික මම නියැළිලා හිටියේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක. කලාව කියන්නේ හිත එක තැනක තියාගෙන කරන්න ඕනේ දෙයක්. ඉතින් කරන දේ හරියට කරන්න ඕනේ නිසා එක පාර එක වැඩක් කරන්න මම කැමැතියි.

ඔය හිත එක තැනකම රැඳේවිද?

යම් යම් කාල වලදි නොයෙකුත් අවස්ථා ජීවිතේ ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථා පස්සට කල් දාන්න කැමැති කෙනෙක් නෙමෙයි මම. මගේ උපාධිය අවසන් වෙන කොටම ඊට ගැළපෙන රැකියාවක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම ඒ අවස්ථාව ගත්තා.

ඒ කියන්නේ වෙනත් අවස්ථාවක් ලැබුණොතින් හිත ආයිත් වෙනස් වෙන්න පුළුවන්?


දැන් අවුරුදු හයක ඉඳලම මේ හිත තිබුණේ මෙහෙම තමයි. කොහොමත් මගේ වැඩි කැමැත්ත කලාවට නිසා මං හිතන්නේ නැහැ ආයිත් වෙනස් වෙයි කියලා.

ඒ කියන්නේ ඉදිරියේදී නිපුණිකා පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් වේවි?


දැනටමත් මම පූර්ණකාලීනව රංගනයේ යෙදිලා ඉන්නේ. දැන් මගේ වෘත්තීයත් රංගනයමයි.

මොන වගේ චරිත ඔස්සේද නැවත රංගනයට පිවිසෙන්නේ?


සඳරුවන් ජයවික්‍රමගේ සහ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ නිර්මාණ දෙකකට රංගනයෙන් එකතු වුණා. මෙතෙක් කළ අහිංසක දඟකාර චරිතවලින් ඔබ්බට ගිය වෙනස්ම චරිත දෙකක්. දැනට වැඩි විස්තර නොකියා ඉන්නම්...

ඒ චරිත වලින් නැවත නිපුණිකාගේ ජනප්‍රියත්වය ගොඩනඟා ගන්න පුළුවන් වේවි යැයි විශ්වාසද?

මට එහෙම ජනප්‍රියත්වයක් ගොඩනඟා ගන්න වුවමනාවක් නැහැ. ජනප්‍රියත්වය කියන දේ කොහොමත් මේ ක්ෂේත්‍රයේ අයට නිතැතින්ම ලැබනවානේ..නමුත් මම ඒ පස්සේ යන කෙනෙක් නෙමෙයි.

නැවත නිපුණිකාගේ රංගනය දැක ගන්න ප්‍රේක්ෂකයන්ට කොච්චර කාලයක් ඉන්න වෙයි ද?

වැඩි කාලයක් නැහැ...ලබන මාසේ පළමු වැනිදා ඉඳලා මගේ එක නිර්මාණයක් විකාශය වෙන්න පටන් ගන්නවා.

ටානියා මෝසස්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S