Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිය පාසැලේ පෙම්වතියගෙන් දින 5ක කාලයක් තුළ කිසිම තොරතුරක් නොමැතිවීම සම්බන්ධයෙන් පාසැල් ශිෂ්‍යයෙක් සිය වම් අත තියුණු ආයුධයකින් කපාගැනීම නිසා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 13 වානිජ අංශයේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මෙම ශිෂ්‍යයා මීට මාස 7ක පමණ ඉහතදී එම පාසැලේම 11 වසරේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙනවා.

දෙදෙනා සිය දුරකතන වලින් හා පාසැලේදී හමුවීමෙන් පසු ආගිය තොරතුරු කතාකරගන්නා අතර ආදර සම්බන්ධතාව සම්බන්ධයෙන් දෙදෙනාගේම මව්පියන් කිසිවක් නොදන්නා බවද පවසා තිබෙනවා.

සිද්ධියට අදාල පාසල් ශිෂ්‍යාවගේ ඥාති අයෙකු මීට සතියකට පමණ ඉහතදී අනුරාධපුරය ප්‍රදේශයේදී මියගොස් ඇති අතර සිසුවිය හා ඇයගේ පවුලේ සාමාජිකයින් මෙම මළ ගෙදරට සහභාගී වීමට එහි ගොස් තිබෙනවා.

පෙම්වතිය සිය පෙම්වතාට මේ බව නොදන්නවාම අනුරාධපුරයේ ගොස් තිබීම හේතු කොටගෙන එයින් සිත්තැවුලට පත්වූ තරුණයා ඔහුගේ වම් අත දරුණු ලෙස කපාගෙන තිබේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S