Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මෙවර ඇසළ උත්සව සමයේ කතරගම පැමිණෙන වන්දනාකරුවන්ට දඩමස් බව අඟවමින් බලු මස් සැපයීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී ඇත. කලෙක සිට ඇසළ උත්සව සමයේ කතරගම ප්‍රදේශයේ අප්‍රකටව සිදුව ඇති මෙම ජාවාරම

මෙවර වඩාත් සංවිධානාත්මකව ලෙස හිස ඔසවා ඇති බව අනාවරණය වී ඇත්තේ සත්ත්ව අවිහිංසා සහ හිමිකම් ක්‍රියාකාරී එකතුවක් වන ‘අහිංසා ශ්‍රී ලංකා’ විසින් පසුගිය දිනවල කතරගම ප්‍රදේශයේ කරන ලද විමර්ශනයකදීය.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය පවසන්නේ කතරගම පැමිණෙන පිරිස් තුළ පවත්නා මෙම ‘දඩ මස් උන්මාදය’ මුල් කොට එම ප්‍රදේශයේ වෙසෙන කයිරාටික පුද්ගලයන් කිහිප දෙනකු විසින් අරඹන ලද මෙම බලු මස් ජාවාරම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන් තමන්ට පැවසූ බවයි.

එමෙන්ම කතරගම පූජා නගරය සහ ඒ අවට සැරිසරන සුනඛයන් අල්ලාගෙන ගොස් බැඳ තබන ස්ථානයක් ද අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ නිරීක්ෂණයට ලක්වී ඇත. එය පිහිටා ඇත්තේ සෙල්ල කතරගම වතුරුවාරාම රජමහා විහාරයෙන් ඔබ්බෙහි දඹේ පාර අද්දර වන ගැබක් ආශ්‍රිතවය. එසේ එහි රඳවා තැබෙන සුනඛයන් වන්දනා කරුවන්ගෙන් ලැබෙන දඩ මස් ඇණවුම් මත මරා මස් කෙරෙන බව ද අනාවරණය වී ඇත. මේ අතර එසේ මස් පිණිස මරා දැමෙන සුනඛයන්ගේ හිස් සහිත පෝර උර කිහිපයක් ද පසුගිය කාලයේ ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ. දැනට කතරගම ප්‍රදේශයේ සිදු කෙරෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් අහිංසා ශ්‍රී ලංකා සංවිධානය අදාළ නිලධාරීන් දැනුම්වත් කොට ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S