Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාව කිසිම සම්මානයකට නිර්දේශ වෙලා තිබුණෙ නෑ. ඒත් මම සම්මාන උළෙලට ගියා.

කෙටි කාලයකින් අපේ රටේ සෑහෙන්න ජනප්‍රියත්වයක් ලබා ගත්ත නිළියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නෙ. තාරුකා එයාගේ අලුත්ම විස්තර සති අන්ත පුවත්පතකට කියලා තිබුණෙ මේ විදිහට.

තාරුකා කොහොමද දවස් ගෙවෙන්නෙ..?

ටෙලි නාට්‍ය දෙකක රූපගතකිරීම් එක්ක කාර්යබහුල වෙලා දවස් ගෙවනවා. 


එතකොට පුද්ගලික ජීවිතේ තොරතුරු..?


අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න සූදානම් වෙමින් ඉන්නවා. මේ දවස්වල කාලය ගෙවන්නෙ එහෙමයි.

පුද්ගලික ජීවිතේ ගැන ඇහුවම කලා ජීවිතය ගැන කියන්නෙ ඇයි..?


කලාව මගේ ජීවිතේම වෙලා තියෙන නිසා.

රයිගම් සම්මාන උළෙලදි දකින්න ලැබුණෙ නැත්තෙ ඇයි..?


මාව කිසිම සම්මානයකට නිර්දේශ වෙලා තිබුණෙ නෑ. ඒත් මම සම්මාන උළෙලට ගියා. සම්මානයක් නොලැබුණු නිසා වෙන්න ඇති මාව දැක්කෙ නෑ වගේ හිතෙන්නෙ. ඒත් මගේම සහෝදර ශිල්පින් සම්මාන ගන්නවා බලන්න මම එතැන හිටියා.

සම්මානයක් නොලැබුණු එක ගැන දුකක් නැද්ද..?


ඒ තරම් ලොකු දුකක් නෑ. ඒත් මම සම්මානයක් බලාපොරොත්තු වුණා. ගිය අවුරුද්දෙ මම සතුටු වෙන්න පුළුවන් නිර්මාණ දෙකකට රංගන දායකත්වය දුන්නා. ඒ නිසයි සම්මානයක් බලාපොරොත්තු වුණේ.

දක්ෂතම නිළිය වෙන්නද, ජනප්‍රියම නිළිය වෙන්නද හීන මවන්නෙ..?


මට ඕනේ දක්ෂතම නිළිය වෙන්න.

දක්ෂතම නිළිය වෙන්න අත්‍යවශ්‍යම සුදුසුකම මොකක්ද..?


දක්ෂකමට අමතරව වාසනාව ඕන.

සම්මානය අහිමි වුණේ තාරුකාගේ වාසනාවේ අඩුවක් නිසාද..?


එහෙම වෙන්න ඇති. හැම දේටම සුදුසු කාලය උදා වෙන්න එපැයි. සම්මාන ගැන ලොකුවට නොහිතා කලා කටයුතු ටික කරගෙන යනවා.

ගැහැණු ළමයෙකුට රංගන ක්ෂේත්‍ර යේ රැඳෙන්න අමාරුද..?


කිසිම සත්‍යතාවක් නැති කතාවක් ඒක.

තාරුකාත් අම්මා එක්ක ෂූටින් යන ළමයෙක් නේද..?


ඔව්. ඒක නම් එහෙම තමයි.

අවදානමක් නැත්තම් ෂූටින් ලොකේෂන්වලට අම්මා එක්ක යන්නෙ ඇයි..?


අම්මා එන එක මගේ හිතට හරි සැහැල්ලුවක්. ඒ වගේම උදව්වක්. අම්මා නැතත්. හැබැයි මං ඉන්න ඕන විදිහ දන්නවා. මගේ හැසිරීම මට විශ්වාසයි.

තමන් ගැන පැතිරුණු කටකතාවක් තමන්ට අහන්න සිද්ධ වෙලා නැද්ද..?


එහෙම පැතිරුණත් මම ඒවාට ඇහුන්කන් දෙන්නෙ නෑ. මගේ ගැන ඕපාදූපයක් කොහේ හරි පළවෙලා කීවත් මං බලන්නෙ නෑ.

විවාහයට වයස හරි නේද..? 


එහෙම නම් තමයි. ඒත් මට එහෙම කෙනෙක් නෑ.

පෙම්වතා කරගන්න කලකා බලන ගතිගුණ ගැන කියමුද..?


මූලිකම සුදුසුකම හොඳ ගතිගුණ. ඒ හැර වෙන දෙයක් ඇත්තෙම නැති ගාණයි.

අද වෙද්දි ආදර යෝජනා කීයක් ඇවිල්ලා තියෙනවද..?


ගණන් කරලා නෑ. ගොඩක් අය යෝජනා ගේනවා. ඒ ප්‍රශ්නය ඇහුවම ගැලපෙන උත්තරයක් දීලා ඒ සිද්ධිය එහෙම්ම අමතක කරලා දානවා.

ප්‍රේම විවාහයක් ගැන, යෝජිත විවාහයක් ගැනද හිතන්නෙ..?


හිතලා නැහැ. සුදුසු වෙලාව ආවම හොඳ දෙයක් කරන්නයි හිතන්නෙ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S