Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සෙවණගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසු සිසුවියන් පිරිසක් මත්ද්‍රව්‍ය පානය කර බෝතල් කටුවලින් අත් කපා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ.

සිසු සිසුවියන් අත් කපා ගැනීම පිළිබඳව විදුහල්පතිවරයා විසින් සොයා බැලීමේදී ඔවුන් මෙසේ අත් කපාගෙන ඇත්තේ මත්වෙන යමක් භාවිත කිරීම හේතුවෙන් බවට අනාවරණය වී ඇත.

පසුව ඒ පිළිබඳව සෙවණගල පොලිසියට පැමිණිලි කළ පසු පෙරේදා (20දා) පාසල් සිසුන් පිරිසක් පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මදන මෝදක, ගංජා වැනි මත්වන දෑ මේ සිසුන් විසින් පානය කර ඇති බවයි.

සිසුවියන්හට වෙළෙඳපොළෙහි ඇති බීම වර්ගයකට රස කැවිලි වර්ගයක් කලවම් කර දීමෙන් මත් බවට පත්වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සිසුන් හට මේවා අලෙවි කරන පුද්ගලයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගෙන නීති මඟින් කටයුතු කිරීමට පියවර ගන්නා බවත් පාසල් සිසුන්ගේ මවුපියන් ගෙන්වා අවවාද කර සිසුන් භාරදීමට කටයුතු කළ බවත් පොලිසිය පැවැසීය.

සෙවණගල -එස්. කුට්ටපිටිය




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S