Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින් ස්විට්සර්ලන්ත අධිකාරිය කිසිදු දැනුම්දීමක් කර නොමැති බැවින් තවමත් ද්විත්ව පුරවැසිලාභී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.‍සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නා. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්ති අනුව ද්විත්ව පුරවැසිභාවයක් දරන ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ද ජේ.සී. වැලිඅමුණ මහතා අභියාචනාධිකරණයට දැන්වීය.
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ සහ ස්විස්ටර්ලන්තයේ ද්විත්ව පුරවැසියෙක් හෙයින් ඇය එම මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම නීති විරෝධී බව හා ඇය එම තනතුරේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්ද දායකයන් පස් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම ඊයේ කැඳ වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා එසේ පැවසුවා. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක ජනරාල්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මහ ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම කැඳවූවා.

මෙම රිට් පෙත්සම වෙනුවෙන් නීතිපතිවරයා හා වගඋත්තරකරුවන් වෙනුවෙන් විරෝධතා දැක්වීමට ලබන ඔක්තෝබර් මස 24 වැනිදාට දින නියම කළ අභියාචනාධිකරණය පෙත්සම කැඳවීම ද එදිනට කල් තැබීය. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ම‍නෝහාර ද සිල්වා මහතා පෙනී සිටියා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S