Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

''සැමියයි, දරුවොයි ළඟ ඉද්දී මගේ වැඩ කරගන්න අමාරුයි..''

නිළියක් විදියට කාලයක් ක්ෂේත්‍රය තුළ සචිනි අයේන්ද්‍රා මෑත කාලයේ දී කලා නිර්මාණ තුළින් දකින්න නොලැබුණත් ඉකුත් හත්වැනිදා ලංකාවෙන් පිටව යාමත් සමඟ ඇය ගැන ආයෙම වතාවක් කතාබහක් ඇතිවෙලා.

සචිනි රට යන එක අමුතු ප්‍රවෘත්තියක්‌ නොවුණත් ඇය මේ වතාවේ සැරසෙන්නේ සුවිශේෂී කාරණාවකට බව ඔබ ඇතැම් විට නොදන්නවා වන්නට පුළුවන්. සචිනි මේ ගියේ කොහෙද? මොකටද? ඒ ගැන වගේම ලස්සන දුවලා දෙන්නෙක් එක්ක සැමියාත් එක්ක ගෙවන පවුල් ජීවිතය ගැන සචිනි ලංකාවෙන් යන්න මොහොතකට කලින් පුවත් පත් හමුවකදී පැවසු තොරතුරු කිහිපයකි මේ.

මොකක්‌ද සචිනි මේ සුවිශේෂී කාරණාව?

''World Championship of performing arts competition එකට සහභාගී වෙන්නයි මං සූදානම් වෙන්නේ. ඒක තමයි සුවිශේෂී කාරණාව...''

මොකක්‌ද මේ competition එකේ විශේෂත්වය?


''මේක තමයි ලෝකේ තියෙන එකම official championship එක performing artist ලට... මේ අවුරුද්දේ මේක පැවැත්වෙන්නේ විසිවැනි වතාවට.... Sports වලට Olympic වගේ තමයි මේ competition එක performing arts වලට....''

සචිනි මේ competition එකට සහභාගිවීමේ විශේෂත්වය මොකක්‌ද?


''මම තමයි ඉස්‌සෙල්ලාම represent කරන්නේ ලංකාව....''

ඇයි මීට කලින් ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්‌ මේ තරගය නියෝජනය කරලා නැද්ද?


''නැහැ.. කවුරුත් නැහැ.... මම තමයි ඉස්‌සෙල්ලාම ඉදිරිපත් වුණේ...''

ඇයි ඒ? මේ තරගයට හැමෝටම අයෑදුම් කරන්න බැරිද?


''පුළුවන්. ඕනෙම කෙනෙකුට අයෑදුම් කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ international selection committee කියලා committee එකක්‌ තියෙනවා. ඒකෙන් application එක select වෙලා එයාලා invite කළොත් විතරයි යන්න පුළුවන්. ඒ කියන්නේ සුදුසුකම් සපුරලා තිබුණත් එයාලා invite කළේ නැත්නම් යන්න බැහැ....''

දැන් කවදද මේ competition පටන් ගන්නේ?

''පළවැනි round තුන පටන් ගන්නේ දහවැනිදා...''

මේ කටයුත්ත සම්බන්ධයෙන් ලංකාවේ වගකීම දරන්නේ කවුද?


''දැනට කවුරුත් නැහැ..... ඇත්තටම දැනට තරගකරුවන්ට තනිව අයෑදුම් කිරීමට හැකියාව තියෙන්නේ ලංකාවේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන national director කෙනෙක්‌ නැති නිසා...''

කොහෙද පැවැත්වෙන්නේ?


''ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස්‌වල..''

රටවල් කීයක්‌ මේ සඳහා සහභාගී වෙනවද?


''රටවල් 65ක්‌ විතර සහභාගී වීමට නියමිතයි.''

ඔබ කොහොමද මේ තරගාවලිය පිළිබඳ දැනගත්තේ?


''මං කොහොමත් ලංකාවේ දේවල් වගේම ලෝකේ දේවලුත් follow කරන කෙනෙක්‌. මං නිතරම ඉන්නේ අවධානයෙන් ලෝකේ සිද්ධවෙන දේවල් ගැන...''

කාත් එක්‌කද මේ ගමන යන්නේ?


''මම තනියම යන්නේ...''

එතකොට පොඩි අය?


''එයාලව දාලා තමයි යන්නේ, මොකද එයාලත් එක්‌ක ගිහින් compete කරන්න බැහැනේ.... මට එයාලව බලාගෙන ඉන්න වෙයි.''

දවස්‌ කීයක්‌ පොඩි අය දාලා ගිහින් ඉන්න වෙනවද?


''දවස්‌ දහයක්‌ එකොළහක්‌ විතර...''

දුක නැද්ද?


''දුකයි අනේ. ඒත් මොනවා කරන්නද...? ඔක්‌කොම balance කරගෙන shape එකේ වැඩ ටික කරගන්නවා. අනික මගේ දූලා දෙන්න හුඟක්‌ close මගේ husbandට නේ....''

කවුද එයාලව බලාගන්නේ?


''මගේ අම්මා ඉන්නවා. මගේ mother-in-law ඉන්නවා. ඉතින් ඔක්‌කොමලා ඉන්න නිසා අඩුවක්‌ දැනෙන එකක්‌ නෑ.... අනික මං රට වෙනුවෙන්නේ යන්නේ. ඉතිං ඒ දෙන්නත් පුංචි කැපවීමක්‌ කරන්න ඕනනේ නේද...?''

කොහොමද සැමියා දරුවන් සමග ගෙවන ජීවිතේ?


''හරිම සුන්දරයි එයාලත් එක්‌ක ගෙවන ජීවිතේ.... මං ගෙදර ඉන්න වෙලාවට එයාලගේ වැඩ හැම දෙයක්‌ම කරනවා. ලොකු දුවට දැන් අවුරුදු පහයි. පොඩි එක්‌කෙනාට දෙකයි.''

පහුගිය කාලේ වැඩිය පේන්න හිටියෙ නැත්තේ නිර්මාණ ලැබෙනවා අඩුද?


''නිර්මාණවලින් නම් ඇත්තටම් කිසිම අඩුවක්‌ නැහැ.... දෙවැනි බබා ලැබුණට පස්‌සේ ටිකක්‌ දේවල් balance කරගන්න අමාරු වුණා. ඉතින් එයාට අවුරුදු එකහමාරක්‌ විතර වෙනකන් හිටියේ... ඊට පස්‌සේ මං වැඩ පටන් ගත්ත ආයෙත්.''

වෙන රටක මේ වගේ competition එකකට යද්දී හිතෙන්නේ නැද්ද සැමියා එක්‌ක ගියා නම් හොඳයි කියලා?

''එයා එක්‌ක ගියා නම් හොඳයි ඉතිං.... එයා එන්ඩදත් කියලා ඇහුවා කීප සැරයක්‌ම... ඒ වුණාට දරුවෝ දෙන්නවත් දාලනේ මං යන්නේ.... ඉතිං ඒ දෙන්නට තාත්තවත් ඉන්න ඕන නේ අඩුම තරමේ.... අනිත් එක මං යන්නේ competition එකකට නේ.... practise කරන්න ඕන හුඟක්‌ වැඩ තියෙනවා. එතකොට මට එහෙදි එයා ගැනත් බලන්න වෙන්නේ නැහැ.... ඉතිං හැමදේම හිතුවම මං තනියෙන් ගිහන් එන එක තමයි හොඳයි වගේම ලේසියි...''





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S