Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගර්භාෂය කොටස්‌ දෙකකට වෙන්ව තිබූ කාන්තාවකගේ එක්‌ ගර්භාෂයක හටගත් නිවුන් දරුවන්ගේ ජීවිත සිසේරියන් සැත්කමකින් නිරුපද්‍රිතව බේරාගැනීමට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරු පසුගියදා සමත් වූහ.
මෙවැනි දුර්ලභ ගණයේ සැත්කමක්‌ ලංකාවේ මීට පෙර කර නොමැති බව තොරතුරු සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූ බව මෙම ශල්‍යකර්මය සිදු කළ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජගත් එම්. හේරත් මහතා පවසයි. එම ශල්‍යකර්මය පිළිබඳව වැඩිදුර අදහස්‌ දැක්‌වූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පැමිණි අවුරුදු 27 ක්‌ වන මෙම කාන්තාව මීට පෙර කොළඹ දී කළ ලැපරස්‌කොපි පරීක්‍ෂණයකදී දැන ගෙන තිබෙනවා ගැබ් ගෙළට ඉහලින් ගර්භාෂය දෙකට වෙන්වී ඇති බව හා ඉන් එක්‌ ගර්භාෂයක්‌ තුළ නිවුන් දරුවන්ගේ කළල තිබෙන බව. ඉන් පසුව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පැමිණි මෙම කාන්තාව සැත්කමකට භාජනය කිරීමට පෙර මාස තුනක පමණ කාලයක සිට රෝහලේ නේවාසිකව රඳවාගෙන පරීක්‍ෂණ කළා. මේ කාලය තුළ දී දිනපතා ස්‌කෑන් පරීක්‍ෂණ මුත්‍රා පරික්‍ෂණ සිදු කළා.

මෙම ගර්භනී මවගේ ගර්භාෂය කොටස්‌ දෙකකට වෙන්ව තිබීම මෙම සැත්කම කිරීමට දැඩි අවදානමක්‌ වූවා. එවැනි අවස්‌ථාවක ගර්භාෂයේ කොටසක ඉඩ කඩ ඉතා සීමිතයි. ඇතුළත තෙරපුම වැඩි වනවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම කාන්තාව පළමු දරු ප්‍රසූතියට සූදානම්ව සිටි අවස්‌ථාවේ දී එය ගබ්සා වී තිබෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ගර්භාෂය පිපිරී යාමට ද තිබෙන ඉඩකඩ වැඩියි. මෙම සිසේරියන් සැත්කම පැයක්‌ වැනි කාලයක දී සිදු කිරීමෙන් අනතුරුව මේ වන විට මව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 26 වන වාට්‌ටුවේ ද, දරු දෙදෙනා නොමේරූ ළදරු ඒකකයේද ප්‍රතිකාර ලබනවා. මෙම ශල්‍යකර්මය සිදු කිරීම සඳහා ප්‍රසව හා නාරි වාට්‌ටුවල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී තුෂාරි මහවත්ත, වෛද්‍ය ටී. සුහාජනන් මෙන්ම හෙද කාර්ය මණ්‌ඩලයේ සහාය මා හට නොඅඩුව ලැබුණා.

මෙම නිවුන් දරුවන්ගේ තත්ත්වය පිළිබඳව සඳහන් කළ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නොමේරූ ළදරු හා ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා

මෙම ගර්භනී මවට සති 32 දවස්‌ 3 කින් පසුව සිදු කළ සැත්කමකින් අනතුරුව මෙම නිවුන් දරුවන් බිහි කර තිබුණා. උපතේ දී මෙම නිවුන් දරුවන්ගේ බර කිලෝ ග්‍රෑම් 1.4 ක්‌ හා කිලෝ ග්‍රෑම් 1.3 ක්‌ ව සටහන්ව තිබුණා. ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙවැනි සැත්කමක්‌ සිදු කරන බව පෙර සිටම අපව දැනුවත් කර තිබුණා. එම නිසා මෙම දරුවන් හට අවශ්‍ය දේ මුල සිටම ළදරු ඒකකය තුළ සූදානම් කර තිබුණා. කෘත්‍රිම ස්‌වසන යන්ත්‍ර දෙකක්‌ සූදානම් කර තිබුණා. නියමිත දිනට කලින් දරුවන් ලැබීම හේතුවෙන් ඔක්‌සිජන් අඩුවීමට හේතුවක්‌ වනවා. දරුවන්ගේ වර්ධනය සඳහා ද ඖෂධ ලබා දෙනවා.

අවුරුදු 27 ක්‌ වයසැති නවගම්මානය, මාවතවැව, එප්පාවල ලිපිනයේ පදිංචි එම්. මනෝරි බණ්‌ඩාර නමැති කාන්තාව එම සැත්කමට භාජනය කර තිබුණි.

මිහින්තලේ රංග චතු




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S