Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

‘‘පාන්දර 1 වෙනකම් ගෙදර හිටියා,
රෑ හොයලා බලද්දි ෆෝන් එක තාත්තාගේ
සොහොන උඩ තිබිලා හම්බ වුණා‘‘


සිය පියාගේ වියෝව දරා ගත නොහැකිවූ පුතෙකු පියාගේ අභාවයෙන් දින 06 ක් ගෙවුණ අද (05) අළුයම පියාගේ දේහය භූමදාන කළ සොහොනට මීටර 300 ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑවක රසායන ද්‍රව්‍යයක් පානය කර ගෙල වැළලාගෙන සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සිය පියාගේ වියෝව දරා ගත නොහැකිව දිවි නසාගෙන ඇත්තේ උතුරු මැද පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස සේවය කරන මංගල කුමාර බුලංකුළම (49) නම් දෙදරු පියෙක්.

එප්පාවල, කණ්ඩක්කුලම පොදු සුසාන භූමියට ඉහළින් ඇති ලඳු කැලෑවක අඩි 10 ක් පමණ උස ගසක එල්ලෙමින් තිබී ඔහුගේ දේහය සොයා ගෙන ඇති අතර, ඔහු යම්කිසි රසායනික පොහොර වර්ගයක්ද ආහාරයට ගෙන සිය දිවි නසා ගන්නට තැත්කර ඇති බවට සලකුණු තිබෙන බව පොලීසිය පවසයි. රසායනික ද්‍රව්‍යය ආහාරයට ගෙන මිය නොගිය තැන ඔහු ලඳු කැලෑව තුළට ගොස් ගෙළ වැළලාගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

එප්පාවල , කණ්ඩක්කුළම පදිංචි හැත්තෑ නම වියැති ටිකිරිබණ්ඩා බුලංකුළම මහතා රෝගාතුරව සිට පසුගිය මස 30 වැනි දින වියෝ වූ අතර, ඒ මහතාගේ වියෝව හේතුවෙන් ඔහුගේ පුතු වන උතුරු මැද පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස සේවය කරන මංගල කුමාර බුලංකුළම මහතා මහත් සංවේගයට පත්ව සිට තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු පියාගේ සත් දින දානය තිබෙන දිනට පෙර දින (05) අළුයම සිය දිවි නසාගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

සිය පියාට බොහෝ සේ ආදරය කළ මංගල මහතා පියාගේ වියෝව හේතුවෙන් කම්පනයට පත් ව සිටි බව පවුලේ ඥාතීන් පවසති. එප්පාවල කණ්ඩක්කුලම පිහිටි නිවසට පැමිණ පියාගේ සත් දින දානයට අවශ්‍ය සියලු බඩු බාහිර ආදියද ඊයේ (04) ගෙනැවිත් තබා අවශ්‍යය සියලු කටයුතුද සම්පාදනය කර අද (05)අලුයම 1.00 පමණ වන තුරු නිවසේ රැදී සිටි මංගල මහතා නිවසේ නොසිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව ඒ මහතා පිළිබද තොරතුරු සොයා බලන විට මංගල මහතාගේ ජංගම දුරකථනය සිය පියාගේ සොහොන උඩ තිබෙන අයුරු ප්‍රදේශවාසීන් දැක ඇත.

ඒ අසලම රතු පැහැති රසායනික පොහොරද වැටී තිබෙනු දැක ගම්වාසීන්ට සැක සිතී අසල ලදු කැලෑව පීරා මංගල මහතා සොයා ඇත.

ඒ අනුව එම කැලෑවේ පදුරු සහිත ස්ථානයක අඩි 10 ක් පමණ උස ගසක සිය සරම ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි මංගල මහතා සොයා ගෙන ඇත. ඔහු ලඳු කැලෑවේ රාත්‍රියේ එහා මෙහා ඇවිදීම නිසා ශරිරය පුරාම සීරිම් තුවාල සිදුව තිබූ බවද ප්‍රදේශවාසීන් පැවසූහ.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S