Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

‘‘මම ගිනි තියාගත්තේ නෑ, අත් ගැටගහලා එයාලා ගිනි තිබ්බා
එයාට අඳින්න ඇඳුම් අරන් දුන්නෙත් මම,
එකට ගත්ත ෆොටෝ පවා ෆොන් එකේ තියෙනවා‘‘


පහුගිය දවසක අන්තර්ජාලය පුරා ඡායාරූප එක්කම කතාවක් වාර්තා වුණේ තරුණයෙක් තමන්ගේ පෙම්වතිය ලබාගන්න බැරිතැන ගිනි තියාගත්තා කියලා එක එක කතා ගොඩක් වටින් ගොඩින් කියන ගමන්.

මේ ගැන අපි පොලිසියෙන් අහලා බැලුවම කීවේ ඔහු තමන්ගේම ඇඟට ගිනි තියාගත්තා කියලා පොලිස් වාර්තාවල සඳහන් වෙනවා කියලා. නමුත් මේ වෙද්දි ඒ සිද්ධිය කනපිට පෙරලන කතාවක් තරුණයාම කියලා තියෙනවා.

ඔහු කියන්නේ ඒ කතාවල ඇත්තක් නෑ කියලා, මොකද ඔහු කියනවා මේ තරුණිය තමන් එක්ක පෙම් සම්බන්ධදයක් පැවැත්වූවා කියලා, ඒ ගැන ඔප්පු කරන්න වුනත් ඇය දුන්නු ලියුම් පවා ඔහු ළඟ තියෙනවා කියලා මේ වෙද්දි පෙන්නලා තියෙනවා, ඒ වගේම ඇයට අඳින්න ඇඳුම් පවා ඔහු අරන් දුන්නා වගේම එයා එක්ක ආදරෙන් කාලේ ගතකලා කියලත් මොහු කියනවා.

ඒ අතරෙදි පිරිසක් ඇවිත් මේ විදියට ඔහුට ගිනි තියලා දැම්මා කියලා තිවංක කීවත් පොලිසිය සම්බන්ධ කරගෙන අපි මේ ගැන ඇහුවම ඔවුන් කියන්නේ තිවංක පෙට්‍රල් ශෙඩ් එකෙන් පෙට්‍රල් අරන් තියෙනවා කියලා පොලිස් වාර්තාවල දැක්වෙනවා කියනවා.

ඒ වගේම තිවංකගේ ඥාතීන් කියන්නේ මේ ගැන පැමිණිලි කරන්න පොලිසියට ගියාම එක එක පොලිසි ගානේ යන්න කියලා තමන්ව මගඇරියා කියලා.

ඒ වගේම තිවංක කියන්නේ තමන් කැමැත්තෙන් ඉන්න ආදරවන්තිය එයාගේ අනියම් පෙම්වතා සමග එකතු වෙලා ගෙදරට ගෙන්නගෙන තමන්ට පෙට්‍රල් දාලා ගිනි තිබ්බා කියලා. කොහොම වුනත් මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම මොකක්ද කියලා නීතියෙන් එළියට ඒවි.

අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තියෙන මේ සිද්ධිය ගැන හොයලා බලන්න ගායක රහල් අල්විස් තිවංකගේ ගෙදරට ගියපු වෙලාවේ තමයි ඔහු මේ ගැන කියලා තිබුණේ.

මේ තමයි තිවංක කීව කතාවේ සම්පූර්ණ වීඩියෝව.....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S