Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ටෙලි නාට්‍ය රංගනය හරහා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින සු‍ලේඛා ජයවර්ධන පසුගියදා ලොකු කරදරයකට මුහුණ දීලා තිබුණා. ඒ, ඇඳුම් සාප්පුවකදී. තමන්ට සිද්ධවුණු දෙය ගැන සු‍ලේඛා කිව්වේ මේ වගේ විස්තරයක්.

කෙනෙක් සු‍ලේඛාට කරදර කරන්න ආපු බව අපට ආරංචි වුණා?


ඔව්. ඒ ආරංචිය නම් හරි.

මොකක්ද එදා සිද්ධවුණේ?

මම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුමක් ගන්න. දවස හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේමයි. ඒක ප්‍රසිද්ධ කඩයක් ‍නෙවෙයි. නමුත් ලස්සන ලස්සන ඇඳුම් තියෙනවා දැකපු නිසා මම ඒ කඩේ ඇතුළට ගියා.

කඩේ හිටපු අය සු‍ලේඛා දිහා විශේෂ අවධානයකින් බැලුවාද?


එහෙමත් නෑ. කවුරුවත් මගේ දිහාම බලාගෙන ඉන්නවා කියලා මට හිතුණේ නැහැ.

ඉතින් මොකද වුණේ?


ගැළපෙනවා කියලා හිතුණු ඇඳුම් දෙක තුනක් අතට අරගෙන මම ඇඳුම් මාරු කරන කාමරය ඇතුළට ගියා. විනාඩි පහක් විතර ඇඳුම් මාරු කර කර මම ඒ කාමරය ඇතුළේ හිටියා. එකපාරමට මම දැක්කා මොබයිල් ෆෝන් එකකින් කවුරුහරි මාව වීඩියෝ කරන බව.

ඒක කොහොමද වුණේ?


ඒ සාප්පුවේ ඇඳුම් මාරු කරන කාමරයේ දොර ‍පොළොවේ ඉඳලා අඟල් 15ක් විතර උසින් තමයි හයි කරලා තියෙන්නේ. මම ඉස්සරහා කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට මම කණ්ණාඩියෙන් දැක්කා දොර ළඟ මොකක් හරි තියෙන බව. ඒ තියෙන්නේ කැමරා ෆෝන් එකක් බවත් මම කණ්ණාඩියෙන්ම අඳුන ගත්තා. මට හුඟක් බය හිතුණා.

බයටම කෑගැහුණා?


ඔව්. බයයි, දුකයි, තරහයි. මට කෑගැහුණා. ඇඳුමක් ඇඳගෙන මම එළියට එනකොට ඒ මනුස්සයා දොර යටින් ෆෝන් එක අරගෙන සාක්කුවේ දාගෙන හිටියා. මම එළියට ආපු ගමන් වීඩියෝ කරපු මිනිහව අතටම අල්ලාගත්තා.

දුරකථනයේ ඒ වීඩියෝව තිබුණද?


ඒ වගේ ‍පොඩි ‍පොඩි ෆෝන් ඔපරේට් කරන හැටි මම දන්නේවත් නැහැ. මම ඒ ෆෝන් එකයි, මිනිහාවයි දෙන්නාම ‍පොලිසියට භාරදුන්නා.

සු‍ලේඛාව වීඩියෝ කළේ ඇඳුම් කඩේ වැඩ කරන කෙනෙක්ද?


ඔව්. එයා කඩේ වැඩට ඇවිත් තවම හරියටම මාසයයිලු. ‍පොඩි කොල්ලෙක්. වයස අවුරුදු 20ක් විතර ඇති.

පොලිසි ගියේ තනියමද?


නැහැ. ඒ වෙලාවේ මගේ තනියට හිටියේ මගේ රියැදුරා විතරයි. ගෙදර කෙනෙක් එක්ක ‍නෙවෙයි මම එදා ෂොපිං ගියේ.

ඒත් මම ඇඳුම් මාරු කරන එක වීඩියෝ කළ මිනිහාව ‍පොලිසියට අල්ලලා දෙන්න ඒ ඇඳුම් කඩේ අය හුඟාක් ලොකු සහායක් දුන්නා.

පොලිසියෙන් සු‍ලේඛාට සාධාරණයක් ඉෂ්ට වුණාද?


ඔව්. බඩුත් එක්කම හොරු අතටම අල්ලලා දුන්නාම මට සාධාරණ විසඳුමක් නොදී බැහැනේ. මම හිතුවේ ඒ මිනිහාව සතියක් විතර රිමාන්ඩ් කරලා තියාවි කියලයි. ඒත් සතියක් ‍නෙවෙයි මාසයක්ම ඒ මනුස්සයා හිර කරලා තිබුණා.

වැරදිකාරයා සමාව ඉල්ලන්න ආවේ නැද්ද?


මොන සමාව ඉල්ලීමක්ද? මගෙන් එයා සමාව ඉල්ලන්න ආවා නම් ඉතුරු හරිය මම බලාගන්නවා.

ගෙදර අය මොකද කියන්නේ?


එයාලා මගේ ගැන හුඟක් බයවෙලා. මට ආදරේ කරන මගේ හිතවත් අයත් මගේ ගැන ගොඩක් බයවෙලා. ඒ වගේම මේ සිද්ධියට ජාතිභේදය සම්බන්ධ කරලා කට්ටිය තැන් තැන්වල කතා වෙනවාත් මම දැක්කා. ඒත් මේක ජාතිභේදය සම්බන්ධ ප්‍රශ්නයක් ‍නෙවෙයි කියලයි මම කියන්නේ. මේක මානසික ආබාධයක් තියෙන මිනිහෙක් ගැන කතාවක් විතරයි.

සු‍ලේඛාගේ නමත් එක්කම මේ සිද්ධිය ප්‍රසිද්ධ වුණා නේද?


ඇත්තටම මේ සිද්ධිය හරහා මට ප්‍රසිද්ධියක් ලබාගන්න කිසිම වුවමනාවක් මට තිබුණේ නෑ. මම කවදාවත් ‍පොලිසි ගිහින් තියෙන කෙනෙක් ‍නෙවෙයි. මම එහෙම සිද්ධිවලට කැමැතිම නැහැ. ඒත් මේ සිද්ධිය හරහා මගේ නම ප්‍රසිද්ධ වුණාම මට හුඟක් පුදුම හිතුණා. මම හිතුවාට වඩා ලොකු පිරිසක් මගේ වටේ ඉන්නවා. මේ කතාව ආරංචි වුණු ගොඩක් දෙනෙක් මට කෝල් දිදී විස්තර ඇහුවා.

ලස්සන ගෑනු ළමයෙක් නිසා සු‍ලේඛා නිතර මේ වගේ සිදුවීම්වලට මුහුණ දෙනවා ඇති?


මම ලස්සනයිද? මෙහෙම වෙන්නේ ලස්සන අයට විතරක් ‍නෙවෙයි.

දැන් මොකද හිතෙන්නේ?


ගෑනු ළමයෙක් වෙලා ඉපදුණාම හරියට ප්‍රවේශම් වෙන්න ඕන. ෆිටෝන් රූම් එකක ඇහැට නොපෙනෙන තරම් පුංචි කැමරා පවා තියෙන්න පුළුවන්. මම දෙවියෝ විශ්වාස කරන නිසා දෙවියෝ මාව බේරාගත්තා.

මොකද මම ඇඳුම් මාරු කරන ඒ වීඩියෝව රහසින්ම අන්තර්ජාලයට ගියා නම් මගේ මුළු ජීවිතයම ඉවරයිනේ.

මේ ප්‍රශ්නයට විසඳුම මොකක්ද?


පොඩි කා‍ලේ පටන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන. විශේෂයෙන්ම පිරිමි ළමයින්ට. එතකොට මේ වගේ මානසික ලෙඩ්ඩු බිහිවෙන එකක් නෑ.


සඳමාලි වර්ණසූරිය




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S