Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ෂෙඩ් එකෙන් පෙට්‍රල් අරගෙන ඇවිත්... 
ආදරේ කරපු නැති වේදනාවට ගිනි තියාගෙන..

ආදරේ නිසා ජීවිතේ ලස්සන කරගන්න මිනිස්සු වගේම ආදරේ නිසා ජීවිත විනාශ කරගන්න මිනිස්සුත් අපි අතරම ඉන්නවා.

දුකක්, සතුටක් වෙන්වීමක් එක එක හදවත්වලට දැනෙන විදිහ වෙනස්. ආදරේ ජීවිතේ කරගත්තු සොඳුරු හදවත් ඒ විශ්වාසය නිසාම ජීවිතේ වරද්දගන්න තැනුත් ඕනෑ තරම් තියෙනවා.

මේ හැමදේකටම උදාහරණයක් සපයන කතාවක් ගැන මේ දවස්වල ෆේස්බුක් හරහා හුවමාරු වෙමින් තියෙනවා.

ඒ හැමතැනම තියෙන්නේ තමන් කැමැත්තෙන් ඉන්න ආදරවන්තිය එයාගේ අනියම් පෙම්වතා සමග එකතු වෙලා ගෙදරට ගෙන්නගෙන තමන්ට පෙට්‍රල් දාලා ගිනි තිබ්බා කියලා.

ඒ වගේම තිවංකගෙත් අදාල තරුණියගෙත් පෙම් සබඳතාවට වසර පහක් ගත වෙලා කියලත් එහි සඳහන් වෙලා තිබුණා.

තවද තිවංක මේ තරුණියව පාඨමාලාවකට ඇතුල් කරලා එහිදි තවත් තරුණයෙක් එක්ක සබඳතාවක් පටන් අරන් කියලත් එහි සඳහන් වි තිබෙනවා.

අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තියෙන මේ සිද්ධිය ගැන හොයලා බලන්න අපි තීරණය කළා.

එහිදී අපිට දැනගන්න ලැබුණේ මේ තරුණිය සමග කිසිම සබඳතාවක් පවත්වා නැති බවයි.

තිවංක කැමැත්තෙන් ඉන්න මේ තරුණිය ඔහුට කැමති නැති නිසා ඒ විදිහට තිවංකම තමන්ගේ සිරුරට ප්‍රෙට්ටල් දාගෙන ගිනි තියාගෙන කියලා පෙලිස් වාර්තා තහවුරු කරනවා.

තිවංකම පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහින් පෙට්‍රල් අරගෙන තියෙනවා කියලත් තහවුරු වෙලා.

මේ කොහොම වුණත් තමන්ව ආදරයෙන් ජීවත්කරවපු අම්මා තාත්තටත් දුක් දීලා කරගන්න මේ වගේ වැඩ නිසා ඒ මිනිස්සුත් මොනතරම්නම් විඳවනවා ඇතිද..

ඒ නිසා හැඟීමට වඩා බුද්ධියට ඉඩක් දීලා හරි තීරණ ගන්නවානම් හොඳයි කියලා අපි ඔබට මතක් කරලාදෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S