Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හිතේ ඇතිවෙලා හිතේම මියගිය ආදරයක් උදාරිටත් ඇති.

ඒක ආදරයක්ද කියන්න මට අදත් තේරෙන්නේ නැහැ. ඒ හැඟීම තමයි පිරිමි ළමයෙක් ගැන හා හා පුරා හිතේ ඇති වූ විශේෂත්වය. එතකොට මම පුංචියි.එයා උසස් පෙළ කරපු අයියා කෙනෙක්. මගෙ අම්මා ගුරුවරියක්. අම්මව බලන්න නිතරම එන ගෝලයෝ ඉන්නවා. මෙයත් ඒ අතර කෙනෙක්. එයා නිතරම අපේ ගෙදර එනවා. ජනවාරි 1 වැනිදාට අනිවාර්යයෙන් ඇවිත් අම්මට වැඳල යන්නේ. ඒ විදියට නිතර දකිනකොට මගේ හිතේ එයා ගැන මොකක්දෝ විශේෂත්වයක් ඇති වුණා. ඒක සුන්දර හැඟීමක්.

ඒ සුන්දර හැඟීම කොයි වගේද?

ඒ දවස්වල මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නේ මිදුල දිහා බලාගෙන. මිදුලෙ එයාගේ මෝටර් සයිකලය තියෙනව නම් මට පුදුම සතුටක්. එයාව දකින්න, එයාගෙ ළඟට වෙලා ඉන්න මම ආශයි. ඒ වගේම තමයි ඒ අයියා ගෙදර ඇවිත් අම්මා එක්ක කතා කර ඉන්නව ඇහුනම මම සාලෙට එන්න කලින් කණ්ණාඩිය ළඟට ගිහින් මගෙ හැඩ බලනවා. ඊට පස්සේ තමයි එයාට පෙනෙන හරියට එන්නේ.

හිතේ පළමු වරට විශේෂත්වයක් ඇති කරන්නට ඔහු තුළ විශේෂතා තියෙන්න ඇති....


එයාට අළු පාට ඇස් දෙකක් තිබුණා. ඒ වගෙ ඇස් දෙකක් මම දැකලම නැහැ. ලස්සන කැරලි කොණ්ඩයක් ප්‍රියමනාප හිනාවක් ඔහුට තිබුණා. එයා හරි මිත්‍රශීලීයි නිතරම හිනාවෙලා ඉන්නෙ. මගෙ අම්මට ගොඩක් ගරු කරනවා. ඒ ඔක්කොම හේතු නිසා තමයි මගේ හිතේ එයා ගැන විශේෂත්වයක් ඇතිවෙන්න ඇත්තේ.

ඔහු ඔබ කෙරෙහි දැක්වූ ප්‍රතිචාර කොහොමද?


චූටි දරුවෙකුට දක්වන ප්‍රතිචාර තමයි එයාගෙන් මට ලැබුණේ. මාව අවුස්සනවා. මට විහිළු කරනවා. මාව ළඟට අරගෙන හුරතල් කරනවා.

ඒ නිහඬ ප්‍රේමය නිමා වුණේ කොහොමද?


අපේ අම්මා ඇමෙරිකා ගියා. මම ජර්මනියේ ඉන්න මාමලා ළඟට ගියා. එතකොට මට ඉබේම වගේ එයාව අමතක වෙලා ගියා. ඊට කාලෙකට පස්සේ අපි ආයෙම ලංකාවට ආවම එයා අපේ ගෙදර ආවා. ඒ එයාගෙ වෙඩින් කාඩ් එක දෙන්න. එතකොට යටි හිතේ තිබුණ අර විශේෂත්වය ආයෙම මතුවෙලා ඔහු මට නැති වුණා කියන හැඟීමක් ඇති වුණා. අපිට ඒ වෙඩින් එකට යන්න බැරි වුණා. වෙඩින් කාඩ් එක දෙන්න ආව දවසෙ තමයි මම එයාව අන්තිමට දැක්කෙ.

ඊට පස්සේ?


ඔහු විවාහ වුණා. තාත්තා කෙනෙක් වුණා ඊට කාලෙකට පස්සේ ආරංචි වුණා රිය අනතුරකින් ඔහු මියගිය බව. ඒ වෙද්දී අපේ පවුල් අතර සම්බන්ධය ඈත්වෙලා හින්දා මට ඒ මළගමට යන්න බැරි වුණා. ඒ කාලෙ වෙනකොට අර නිහඬ ප්‍රේමය මියගිහින්. ඒත් ඒ අළු පාට ඇස් දෙක තවමත් මට මතකයි.

ආරියවංශ කුලතිලක




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S