Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නිවෙසේ උදවියට හොරා මහ රෑ නිවෙසින් පිටත්ව ගොස් ඇති බව කියන තරුණියක් ඊට පසු දින නිවෙසට පැමිණ නාන කාමරේ රෙදි කඩකින් ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබිණි. එසේ මියගොස් සිටියේ පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් දුණුකේඋල්ල අක්කර හැටහය ජනපදයේ 17 හැවිරිදි පාසල් සිසුවියකි.
තරුණියගේ මව විදෙස්ගතව සිටින අතර පියා මීට ඉහත මියගොස් ඇත. ඒ අනුව ඇය ජීවත්ව ඇත්තේ සොයුරියගේ නිවෙසේය. පසුගිය (25දා) රාත්‍රියේ ඇය නින්දට ගොස් ඇති අතර නිවෙසේ සියලුදෙනා නින්දට ගිය පසු ඇය නිවෙසින් පිටත්ව ගොස් ඇති බව ඒ පිළිබද පැවැති හදිසි මරණ පරීක්ෂණයේදි ඇගේ නිවැසියෝ පැවැසූහ. ඇය ඇදේ නිදාගෙන සිටින බව නිවෙසේ අයට ඒත්තු ගැන්වීම සදහා කොට්ට පෙළට තබා ඇද ඇතිරිල්ලකින් වසා පිටත්ව ගොස් තිබූ බවද ඔවුහු පැවැසූහ.

ඇය එසේ ගොස් ඇත්තේ ඇයගේ පෙම්වතා බව කියන තරුණයා හමුවීම සදහා විය හැකි බවත් ඊට පෙර අවස්ථා දෙකකදී ඇය එසේ ගොස් ඇති බවත් එහිදී අනාවරණය විය. තරුණිය නිවෙසේ නොමැති නිසා පෙරේදා (26දා) උදෑසන ඒ ගැන පැමිණිලි කිරීම සදහා නිවෙසේ අය පුස්සැල්ලාව පොලීසිය වෙත ගොස් තිබිණි. ඒ අවස්ථාවේ තරුණියගේ පෙම්වතා බව කියන තරුණයාට දුරකථන ඇමැතුමක් ලබාදී ඇය පිළිබදව විමසා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ ඇය උදෑසන නිවෙසට පැමිණි බවය. පසුව ඔවුහු නිවෙසට පැමිණ සෝදිසි කිරීමේදි ඇය ගෙල වැළලාගෙන සිටියදී හමුවී ඇත.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S