Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මගේ හෙළි නොකළ ආදර කතාව තවමත් අවසානයට ළංවෙලා නැහැ - රිතූ ආකර්ෂා

රිතූටත් “හෙළි නොකළ ආදර කතාවක්” ඇති?


එහෙම කතාවක් නම් තියෙනවා. ඒත් මේ ආටිකල් එකෙන් ඔයා සතිපතා කතා කළේ හිතේ ඉපදිලා, හිතේම තිබිලා, හිතේම මියගිය ආදර කතන්දර ගැනනේ. මගේ හෙළි නොකළ ආදර කතාවේ නිමාවක් නැහැ.

ඒ කියන්නේ තවමත් රිතූගේ හිත ඇතුළේ ඒ ආදරයත් එක්ක එයා ජීවත් වනවා?

(හිනැහී) උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහලා මාව අමාරුවේ දාන්න එපා.

හරි එහෙනම් ඒ නිහඬ පෙම් කතාවේ ආරම්භයෙන් මේ කතාබහ පටන් ගනිමු?


ඒක එක්තරා සාදයක්. මම මගේ යාළුවෝ එක්ක ඒ සාදයට ගියා. එයත් ඒ සාදයට ඇවිත් හිටියා. එදා තමයි අපි මුලින්ම හමුවුණේ.

ඒක දුටු පමණින් ඇතිවූ ආදරයක්?


අනේ නැහැ. දුටු පමණින් ඒ වගේ හැඟීමක් ඇතිවුණේ නැහැ. හැබැයි අපි එදා හොඳ යාළුවෝ වුණා. ඊට පස්සේ යාළුවෝ විදියට දිගින් දිගටම ආශ්‍රය කළා. දුරකථනයෙන් කතා කළා. ඔය විදියට යද්දී තමයි මගේ හිතේ ඒ විදියේ හැඟීමක් ඇතිවුණේ.

කෙනකුගේ හිත තවත් කෙනකුට බැඳෙන්න ප්‍රධාන හේතුව රූපය කියලා සමහරු කියනවානේ?


රූපය එක හේතුවක් විතරයි. මට තවත් හේතු බලපෑවා.

මොනවද ඒ?


එකක් විශ්වාසය. අපි ගොඩාක් වෙලාවට තව කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්නේ විශ්වාසය දිනාගන්න විදියට හැසිරිලා. ඒත් එයා එහෙම නැහැ. “මාව විශ්වාස කරන්න” කියලා එයා කාටවත් කියන්නේ නැහැ. ඒත් පුදුමේ කියන්නේ එයාව ආශ්‍රය කරන හැමෝම එයාව පුදුම විදියට විශ්වාස කරනවා. ඒක එයාගේ ඇතුලාන්තයෙන් එන ගතිගුණත් එක්ක දැනෙන දෙයක්. එයා ළඟ ගොඩාක් හොඳ ගතිගුණ තියෙනවා. මට එයා ගැන විශේෂත්වයක් ඇතිවෙන්න බලපෑ තවත් දෙයක් තමයි එයා ගැනු ළමයින්ව ගණන් ගන්නේ නැති වීම.

ඔහු ආඩම්බරකාරයෙක්ද?


නැහැ, හරිම නිහතමානී, හරිම මිත්‍රශීලී කෙනෙක්. ඒත් එයාගේ පස්සෙන් එන ගෑනු ළමයින්ව එයා ගණන් ගන්නේ නැහැ. මම දන්න ගෑනු ළමයි ඉන්නවා එයා ගැන ගොඩාක් උනන්දු අය. මගේම යාළුවෝ මට කියලා තියෙනවා. “අර බෝයිට කෙල්ලන්ගේ තියෙන අවධානය වෙන කොල්ලෙකුට තිබුණා නං මෙලහකට කෙල්ලෝ දහයක්වත් යාළු කරගෙන” කියලා. ඒත් මෙයා එහෙම නැහැ.

එයා ගෑනු ළමයි ගැන උනන්දුවක් නැත්තේ ඇයි කියලා රිතූ හොයලා බැලුවේ නැද්ද?

එයාට කලින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා ඒක බිඳිලා ගිහින්. විනෝදයට ආදරේ කරන්න එයා කැමැති නැහැ. ආදරයක් පටන් ගත්තොත් ඒක විවාහය දක්වාම දුර ගෙනියන්න තමයි එයා ඉන්නේ.

රිතූටත් පිරිමි ළමුන්ගේ ආදර ආරාධනා ඇති. රිතුයි, එයයි යාළුවෝ නම් දෙන්නට එන ප්‍රේම යෝජනා ගැන දෙන්නා කතා කරනවා ඇති?

කවුරු හරි කොල්ලෙක් මගෙන් යාළුවෙන්න ඇහුවොත් මම ඒක එයාට කියනවා. “හොඳ නම් යාළුවෙන්න” කියලා එයා කියනවා. එයාට ගෑනු ළමයෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් මට කියනවා. මමත් ඒ වෙලාවට කියන්නේ “හොඳ නම් යාළුවෙන්න” කියලා තමයි.

මේ නිහඬ ආදරේ හිත ඇතුළේ හංගාගෙන දුක් විඳින්නේ නැතුව කෙළින්ම එයාට කිව්වා නම් හරිනේ රිතූ?

ඒක නම් කවමදාවත් වෙන්නේ නැහැ. මම ගෑනු ළමයෙක්. ආදරේ මුලින්ම කියන්න ඕන පිරිමි පාර්ශ්වයෙන්.

එයාගේ හිතෙත් රිතූ ගැන ආදරයක් තියෙනවා කියලා දැනිලා නැද්ද?


මම කොහොමද අනිත් අයගේ හිත් ඇතුළේ තියෙන දේවල් කියන්නේ?

ඔහොම ගිහින් දවසක එයා කාගේ හරි පෙම්වතෙක් වෙලා කාගේ හරි සැමියෙක් වුණොත්?


එදාට මගේ හෙළි නොකළ පෙම් කතාව නිකම්ම අවසන් වේවි. හැබැයි අපේ මිතුදම නම් හැමදාම තියෙයි.

ආරියවංශ කුලතිලක



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S