Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට

පාලිත තෙවරප්පෙරුම මහතා අද (5) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා මතුගම - මීගහතැන්න විද්‍යාලයට ඇතුළත් කෙරුණු ළමයින් දස දෙනාගේ මව්වරුන් අද (5) දිනයේ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටියදී බේරාගැනීමට ගිය අවස්ථාවේදීයි.

ඔහු සමඟ තවත් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර මතුගම මහේස්ත්‍රාත් හමුවට මොවුන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

තෙවරප්පෙරුම අමාත්‍යවරයා විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමටද පසුගියදා උත්සහ ගෙන තිබුණු අතර පසුව උපවාසය අවසන් කිරීමෙන් අනතුරුව ළමුන්ගේ දෙමව්පියන් සමග කතාකරමින් සිටින අතරතුර එක්වරම අමාත්‍යවරයා බිමඇදවැටී තිබුණා. පසුව අමාත්‍යවරයාව මීගහතැන්න රෝහලට ඇතුලත් කර තිබුණා.
එදින දැනගන්නට ලැබුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අමාත්‍යවරයාව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගිය බවයි. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරයි අමාත්‍යවරයා බලෙන්ම ටිකට් කපාගෙන මව්වරුන් දසදෙනා නිදහස් කරගැනීමට සඳහා පොලිසිය වෙත ගොස් ඇත්තේ.

එහිදි ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S