Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නංගියි මමයි ඉදිරියේදී ලොකු වෙනසක් කරනවා
උමාරා සිංහවංශ


උමාරා සහ උමාරියා නූතන සංගීත පරපුරේ පෑයූ දක්ෂ තාරකා යුවළක්. නමුත් කලෙකදී උමාරා සිංහවංශ ලාංකේය සංගීත ක්ෂේත්‍රයෙන් විරාමයක් ගන්නේ විවාහයෙන් පසු ඇයට විදෙස් ගතවීමට සිදු වූ නිසායි. එසේ විදෙස් ගත වූ උමාරා ඔන්න දැන් ස්ථිර පදිංචියට ලංකාවට ඇවිත් කියලා අපට දැන ගන්න ලැබුණා.

කොහොමද උමාරා සෑහෙන කාලෙකින් නේද හමුවුණේ?

බොහොම හොඳින් කාලේ ගෙවෙනවා. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

ලංකාවට ආපූ ගමන් කාර්යබහුල වෙලානේ?


ආපූ ගමන්ම නෙමෙයි... මං ලංකාවට ඇවිත් දැන් මාස දෙකහමාරක් වෙනවා. පවුලේ ළඟම හිතවතුන් හැර කවුරුත් ඒ බව දැනගෙන හිටියේ නැහැ.

මොකද හැංගිලා ඉන්න හිතුණේ?


මට අවශ්‍ය වුණා මගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන්න.. ඉතින් ඒ කාලේ මං යොමු කරලා තිබුණේ පවුලේ අය වෙනුවෙන්.

කොච්චර කාලෙකට පස්සෙද ලංකාවට ආවේ?


අපි සැරින් සැරේ ලංකාවට ඇවිත් ගියා. මෙදා පාර අවුරුද්දකට පස්සේ තමයි ආවේ.

උමාරා එහේ පදිංචියට ගිහින් කොපමණ කලක් වුණාද?


වසර පහක්.

මෙදා පාර පදිංචියටම ආවා කියලයි ආරංචි?


ඔව්. වසර පහක්ම එහේ හිටියා. පුතාත් දැන් ටිකක් ලොකුයි. ඉතින් පොඩි කාලේ අපිට අම්මලා තාත්තාලා දුන්න නිදහස, අපි ඒ විඳපු ඒ විනෝදකාමී ළමා කාලය දැන් මගේ පුතාට දෙන්න ඕනේ...ලංකාව තමයි ඊට හොඳම තැන. අනෙක නැවත මගේ සංගීත කටයුතු පටන් ගන්න හොඳම කාලය තමයි මේ කියලා හිතුණා.

සැමියාත් මෙහෙ පදිංචි වේවිද?


ව්‍යාපාර කටයුතු එක්ක ඔහුට එහෙ රැඳෙන්න වෙයි. නමුත් විවේකයක් ලැබුණු ගමන් ඔහු මෙහේ එනවා.

සෑහෙන කාලයක් ගායනයෙන් ඈත් වෙලා හිටියා නේද?


මම විවාහ වෙලා විදෙස් ගත වෙන්න සිදුවුණා. ඉතින් මට හිතුණා පොඩි බ්‍රේක් එකකුත් තිබුණොත් හොඳයි කියලා. නමුත් ලංකාවේ ගායන ක්ෂේත්‍රයෙන් පොඩි බ්‍රේක් ගත්තට මගේ සංගීත කටයුතු නැවතුනේ නැහැ. පහු ගිය කාලය පුරාවට 'ජෑස්' කියන සංගීත ශෛලීය ගැන වැඩිදුර හදාරමින් මගේ දැණුම තවත් වැඩි කරගන්න මට පුළුවන් වුණා.

ජනප්‍රියම තලයේ ඉන්න කාලෙක ලංකාව දාලා යන්න දුකක් හිතුණෙ නැද්ද?


දුක හිතුණා. මම විවාහ වුණෙත් පීක් එකේ හිටපු කාලේමයි. නමුත් ඒ වෙද්දි නංගිත් මම වගේම ජනප්‍රිය වෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් ඇයව දකිද්දි මගේ දුක තුනී වුණා.

ළඟදිම උමාරා නැවත කරලියට එනවා කියලයි ආරංචිය ?


ඔව්. ලබන මාසේ වෙද්දි ඒ අලුත් අත්දැකීම අපේ රසිකයන්ට රසවිඳින්න පුළුවන් වෙයි.

මොකද්ද ඒ අලුත් වැඩේ?


අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එක.. චිත්‍රාල් සහ මම වෙනුවෙන් අරුණ ගුණවර්ධන කළ නිර්මාණයක්. ධනුෂ්ක රාමානායක තමයි පද රචනය කළේ. දැන් වොයිස් කරලා ඉවරයි. මේ දවස්වල වීඩියෝ එක කරගෙන යනවා.

ඉදිරියේදි තවත් කාර්යබහුල වේවි?


කොන්සර්ට්ස් කිහිපයක් දැනටමත් ලැබිලා තියෙනවා. රියැලිටි වැඩසටහනකටත් කමෙන්ට කෙනෙක් විදිහට ආරාධනා කරලා තියෙනවා. ඉදිරියේදි ඒ දේවල් සමඟ කාර්ය බහුල ‍වෙයි.

සැමියාගෙන් ලැබෙන සහය?


ඔහු තමයි මගේ හොඳම රසිකයා. මියුසික් වලට ඔහු සම්බන්ධ නම් නැහැ. නමුත් ඔහුගෙන් ලැබෙන සහය කියලා නිම කරන්න බැහැ.

අද නංගී ඔයාට වඩා දුර ගිහින් ?


ඔව්. ඇය ගැන මට ගොඩක් ආඩම්බරයි. ඉස්සර ඇය ඉස්සරහට ඇවිත් සිංදුවක් කියන්නත් ලැජ්ජයි. නමුත් අද ලොකු දුරක් ගිහින් තියෙනවා ඒ ගැන අවංකවම මට සතුටුයි.

භාතිය සහ සංතුෂ් කණ්ඩායමේ නැවත උමාරා දකින්න ලාබේවිද?


අනිවාර්යෙන්ම. ඔවුන් මගේ දෙවැනි පවුල කිව්වොත් නිවැරැදියි.

උමාරා -උමාරියා සංකලනයක් වේවිද?


ඔව්. මමයි නංගියි එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් කරන්න හිටියේ. නමුත් මගේ බබාගෙ සහ සැමියාගේ ව්‍යාපාරික කටයුතු එක්ක මගේ තිබුණු කාර්යබහුලත්වය නිසා අපේ අදහස ටික කාලෙකට කල් ගියා. නමුත් නංගියි මමයි අනිවාර්යෙන් ඉදිරියේදී ලොකු වෙනසක් කරනවා.

ටානියා මෝසස්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S