Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


එදා හැන්දෑව ටෙලිවෘතාන්තයේ උදුලාවතී නමින් ගැමි චරිතයක් රඟපෑ නිසා ඇයට සම්මානයකුත් හිමිවුණා. ඒ වගේම සමනළ කඳවුර වෘතාන්තයේ රඟපෑ චරිතය ගැනත් වැඩිදෙනා කතාකළ බව කියන්න පුළුවනි. ඒත් ඉරේෂා රණසිංහ නමැති මේ ශිල්පිනිය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණේ 2002 දී විතර පුවත්පත් සඟරා පිටකවරවලට පෙනී සිටින ශිල්පිනියක ලෙසයි. ඉන්පසු ගීත ජවනිකා සඳහා පෙනී සිටි ඉරේෂා ටෙලි රංගනයෙන් වැඩි පේ‍්‍රක්ෂක අවාධානයක් දිනාගත්තා. කෙසේ නමුත් පසුගිය වසර දෙකක කාලයේදී රඟපෑමෙන් ඉවත්ව සිටි ඇය නැවතත් ටෙලිතිරය හැඩකරන්නේ මේ දිනවල විකාශය කෙරෙන ‘‘සල්සපුනා’’ නාට්‍යය සමඟයි.ඉරේෂා, අපි කෙළින්ම ඇමති බිරිඳ ගැන කතා කරමු?

ඇත්තටම මේ දිනවල මට වැඩි ප‍්‍රතිචාර ලැබෙන්නෙ ‘‘සල්සපුනා’’ නාට්‍යයේ ‘‘ජූඩි’’ ලෙස රඟපාන ඇමති බිරිඳ චරිතය නිසයි.

මේ ඇමති බිරිඳගෙ සැබෑ ජීවිතයෙ විස්තර කිව්වොත්?


මගෙ මහත්තයාගෙ නම චරිත රුබේරු. එයා රජයේ රැකියාවක් කරනවා. අපට පුතාලම දෙදෙනායි. අපි පුංචි ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.

පසුගිය කාලයේ රඟපෑවෙත් නැහැ නේද?


පොඩිපුතා ලැබිලා අවුරුදු දෙකක් විතර යනකල් රඟපෑවේ නැහැ. අවුරුදු දෙකකට පසුව එක්වුණේ මේ ‘‘සල්සපුනා’’ සමඟයි.

මේක ටිකක් සැර චරිතයක් නේද?


සැර චරිතවලට කොටුවුණේ නැහැ. එදා ‘‘හැන්දෑව’’ නාට්‍යයේ රඟපෑවේ ගමේ x ගැමි චරිතයක්. රාජ්‍ය සම්මාන උළෙලේදී ජූරියේ සම්මානයකුත් හිමිවුණා. රඟපෑමට පෙර මම වැඩි හරියක් පෙනී සිටියේ ගීත සඳහා රූප ජවනිකාවලටයි. ඉන්පසුව රඟපෑමට අවකාශය ලැබුණාම කුමක් හෝ වෙනසක් ඇති චරිත සමඟ එක්වෙන්න අවස්ථා ලැබුණා. මේ සල්සපුනා කතාවේ, ජූඩිගේ කට සැරයි x ඒ වුණාට හිත හොඳයි.

කොහොමද ඒ චරිතයෙ ඔබ අඟර දඟර පාමින් කතා කරන ලීලාව ඇතිකර ගත්තෙ?


මුලින්ම මේ කතාවේ පිටපත ලිව්වෙ තුෂාරි අබේසේකර අක්කායි. එයා මේ චරිතය ගැන මට කිව්වා. ටිකක් විතර සිංහල බැරි විදියෙ කෙනෙක් කියලා තමයි කිව්වෙ. මෙච්චර සැර චරිතයක් කරන්නෙ පළමු වතාවටයි. සල්ලිකාර පවුලක චරිතයක්. මහත්තයාව කිසිකෙනෙකුට අයිතිවනවාට අකමැති ඒ හිමිකමට ලෝබ කරන චරිතයක්.

මේ චරිතය රඟපාද්දී ඒ පරිසරයේදී මතකයේ රැඳුනු දේ ගැන කිව්වොත්?


දමිතා අක්කා සිටින දවස්වලට ෂූටිං වැටෙනවා නම් මම හරිම ආසයි. මං විතරක් නොවෙයි, හැමෝම ආසා කරන්නෙ මහ ගෙදර ෂූටිං වැටෙනදාටයි. එදාට රම්‍යා වනිගසේකර, රෝහණ බැද්දගේ ඇතුළු ප‍්‍රවීණයින් මෙන්ම ගයනි, ජනක ඇතුළු ඊළඟ පරපුරේ ප‍්‍රවීණයින් මෙන්ම අනෙක් ඔක්කෝමලා එක්ක රඟපාන අවස්ථාව ලැබෙනවා.

දරු දෙන්නා ගෙදර දාලා ඇවිත් මේ රඟපෑම් වැඩ කරන්න පුළුවන්ද?


රූගත කිරීම් සිද්ධ වෙන්නෙ දහවල් කාලයේදී විතරයි. සමහරදාට විතරක් රාත‍්‍රි රූගත කිරීම් සිදුවෙනවා නමුත් එදාම ගෙදර එන නිසා ගෙදරට කාලය වෙන් කරන්න පුළුවනි. කොහොම වුනත් මහත්තයා චරිත මට ගොඩාක් උදව් කරනවා. එයාගේ අම්මත් හරියට උදව්කරනවා. සමහරදාට මම පරක්කු වුණොත් බබාලට කවලා - පොවලා ඒ කටයුතු ඔක්කොම මහත්තයා ඉවරකරලා තියෙනවා. එයාගෙන් ලැබුණු සහයෝගය නොවෙන්නට මට මේ ගමන මේ විදියට එන්න බැහැ.

ඉරේෂා කොහොමද ඔබට ලැබෙන ප‍්‍රතිචාර?


අවුරුදු දෙකකට පසුවනෙ චරිතයකින් හමුවන්නෙ, ඉතින් ප‍්‍රතිචාරනම් හරිම ඉහළයි. මම කාලයක් චරිත නොකර සිටියා කියලා පේ‍්‍රක්ෂකයින්ට අමතක වෙලා නැහැ. මේ නිසා මතකය තවත් අලූත් වුණා.

හැබෑවටත් ‘‘ඉරේෂා’’ සැරයිද?


ටිකක් සැරයි නම් තමයි.

ඇයි සැර?


පුතාලාම දෙන්නෙක්නෙ. ඉතින් කොල්ලො මෙල්ල කරන එක එච්චර ලෙහෙසි නැහැ. සැර වෙන්නවෙනවා. චරිත් එයාලව හුරතල් කරන නිසා එයාට ඒක කරන්න බැහැ.

පවුල් ජීවිතයි, කලාවයි ගැන මොකද හිතන්නෙ?


කලාවට ආස නිසා තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ. එයින් ඈත්වෙලා ඉන්න එක හරිම අමාරුයි. නමුත් මුල්තැන පවුල් ජීවිතයටයි. ගෙදරදී මම කලාව ගාව ගන්නෙ නැහැ. එතැනදී ගෘහණියක් බිරිඳක් සහ මවක්. මට සර්වන්ට්ලා නැහැ. ගෙදර වැඩ මමම කරන්න ඕනෑ. පිරිසිදුකම උපරිමයෙන් මට තියෙන්න ඕනෑ. ඒ නිසා ගෙදර සියලූ දේ වෙන්නෙ මගේ අතින්.

හොඳ රසට උයන්න පුළුවන් කියලා ආරංචියි?


ඇත්තෙන්ම ඔව්. ඒකට මම හරි ආසයි. රූගත කිරීම්වලට යනකොටත් මම දමිතා ගයනි අක්කලාට සහ රම්‍යා ඇන්ටිට එහෙම මොනවා හරි හදාගෙන ගෙනිහින් දෙනවා. එයාලා ඉතින් හරිම ආසාවෙන් ඒ ගැන වර්ණනා කරනවා. අපේ අම්මගෙන් තමයි මට ඒ ගුණය ඇතිවුණේ. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය ශ්‍රේෂ්ඨ මාතාවක් වුණා. කෑම රසට හදලා අසල්වාසි හිතවතුන්ට පවා බෙදලා දෙන්න මම ආසයි.

අද මෙහෙම වුණාට, ඒ දිනවල ඔබ වඩා දක්ෂ වුණේ ක‍්‍රීඩාවලට නේද?


පාසල් කාලයේදී මම ක‍්‍රීඩා තරගවලට සහභාගී වුණා. දුරපැනීම, දිවීම වගේ ඉසව් නියෝජනය කළා. එදා හැමෝම හිතුවෙ මම ක‍්‍රීඩාතරුවක් වේවි කියලයි. එදා රඟපෑමට මම හරි ලැජ්ජාශීලි චරිතයක් වුණා. ඒත් ඉතින් ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්. සම්පූර්ණ වෙනස්දෙයක් වුණේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S