Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් අණ නොතකා පළාගිය මෝටර් රථයකට පොලිසිය වෙඩි තිබ්බ හැටි - වීඩියෝ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අණ නොතකා පළා ගිය මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා. පළාගිය මෝටර් රථය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

ඊයේ (5) පෙරවරු 9 ට පමණ අදාළ වෙඩි තැබීම සිදුවී ඇත්තේ පන්නිපිටිය, අඹගස්හතර මංසන්ධිය ආසන්නයේදී.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර තිබුණා.

එහිදී සැකසහිත මෝටර් රථය පන්නිපිටියේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ධාවනය වී තිබුණා.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ එම අවස්ථාවේදී අදාළ මෝටර් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තබා ඇති බවයි. KQ 3510 දරණ අදාළ මෝටර් රථය වෙඩි ප්‍රහාරය නොතකා පළා ගොස් තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම සිද්ධිය වන අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් භාරයේ සිට තිබෙනවා.

අදාළ සිද්ධිය වෙළෙඳ සැළක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙසේයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S