Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඩකා ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

බංග්ලාදේශයේ,ඩකා අගනුවර අවන්හළකට කඩා වැදුණු ඉස්ලාමීය අන්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස බාරයට ගත් පිරිසට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද අතුළත්ව තිබේ.

එරට ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන අන්දමට මෙම දෙදෙනා ඇතුළු පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බව සඳහන්ය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල් වෙත මේවන විට තොරතුරු දැනුම්දී ඇති බවයි.

එහෙත් ඔවුන් කුමන ප්‍රදේශයක, කවුරුන්ද යන්න දැනට හෙළිදරව් කළ නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

ඊයේ රාත්‍රීයේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඩකා අගනුවර පිහිටි Holey Artisan Bakery cafe වෙත ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි පිරිස් තම ග්‍රහණයට ගෙන ඇති අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ට පමණ තුවාල සිදුව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම ආපනශාලාව ප්‍රභූන්,රාජ්‍ය තාන්ත්‍රිකයින්,දේශපාලනඥයින් ඇතුළු පිරිස් නිතර යන එන ස්ථානයක් වන අතර ඊයේ රාත්‍රීයේදී මෙතැනට කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායම කවුරුද යන්න හඳුනාගෙන නොතිබුණු නමුත් පොලීසිය සමග ගැටුමක් ඇතිවී තිබිණි.

පොලීසිය හා සනන්ද්ධ කණ්ඩායම් අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී අවම වශයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි අද අලුයම වන විට තහවුරු කරගෙන ඇත.

ප්‍රාණ ඇපයට ගත් පිරිස් පුද්ගලයින් වශයෙන් ‍විවිධ ජාතීන්ට අයත් 20 දෙනෙකු පමණ විය හැකි බව විදෙස් වාර්තා පෙන්වාදෙන අතර ඊට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළත් බව මේවන විට තහවුරු වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ලවන විට ඉතාලි ජාතිකයින් 7 දෙනෙකු එම ආපනශාලාවේ සිටි බව එරට ඉතාලියානු මහකොමසාරිස් මාරියෝ පල්මා පවසා ඇති අතර මේවන විටත් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට එරට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන බව වාර්තා වේ.

බංග්ලාදේශ ප්‍රභූ පොලිස් ආරක්ෂක සේවයේ ක්ෂණික ක්‍රියාකරී බලසේනාවේ ප්‍රධානි බෙන්ෂායිර් අහමඩ් පවසන්නේ තමන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ අවන්හළ තුළ ප්‍රාණ ඇපකරුවන් බාරයේ සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S