Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නිල නිවස, වෙඩි නොවදින රිය හෝ වාහනයට ටයර්වත් රජයෙන් දුන්නේ නෑ – මහින්ද කියයි

තමාට තවමත් නිල නිවස, වෙඩි නොවදින මෝටර් රථය හෝ වාහනයට ටයර් ටික හෝ රජයෙන් ලබාදී නැති බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (30 දා) පැවැසීය.
මේ කරුණ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අවධානය යොමුවී ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම කීය. දිවයින කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ මහින්ද රාජපක්‌ෂ මහතා කැඩුණු ජීප් රථය තවමත් අලුත්වැඩියා කර නොමැති බවත් මේවා ප්‍රමාද වන්නේ මන්දැයි සිතාගත නොහැකි බවත් පැවැසීය.

ඉදිරි මැතිවරණයට පෙර අලුත් පක්‌ෂය බිහිකරන්නට අදහස්‌ කරනවා දැයි අප ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘අපි එය කාලයට විසඳීමට ඉඩ දෙනවා. ඉස්‌සර වෙලාම ජනතාව එක්‌රැස්‌ කරගන්න ඕන. ඊට පස්‌සේ ගන්න තීරණය හෙළි කරන්නම්……යනුවෙනි.

නෝමන් පලිහවඩන
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S