Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අලුත්ම කාර් එකක Autopilot දාගෙන ගිහින් හැප්පිලා මියගිය රියදුරා ඉතිහාස ගතවුණු හේතුව

නව තාක්ෂණයත් සමග රියදුරු සහය නොමැතිව ඉබේ ධාවනය කිරීමේ හැකියාවක් ඇතැම් නවීන මෝටර් රථ සඳහා තිබෙනවා. ඒක හඳුන්වන්නෙ Autopilot කියලා.

මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙය Autopilot පද්ධතිය ක්‍රියාත්මක ධාවනය කළ අවස්ථාවක සිදුවූ ලොව පළමු මරණයයි.

මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ වැදීමෙන්.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීයෙකු පවසා ඇත්තේ Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවද මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුවෙන්න ඇති කියලා.

කොහොම වුණත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S