Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අගෝස්තු 01 වනදා සිට 6% කින් බස් ගාස්තු වැඩි කිරීමට ඊයේ (12) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව දැනට රුපියල් 08 ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 09 දක්වා ඉහළ යන බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

බස් ගාස්තු සංශෝධනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුවයි අදාළ නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත්තේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ සිදුකල බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බවයි.

එහෙත් තම සංගමය අපේක්ෂා කළ පරිදිම අවම බස් ගාස්තුව සශෝධනය වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

මේ අතර දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද සඳහන් කළේ රජය විසින් ලබාදුන් බස් ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරන බවයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S