Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ෆේස්බුක් උදව්වෙන් අවුරුදු 5ක් පරණ ෆොටෝ එළියට අරන් නකල්ස් මස් වැද්දෝ රොත්ත පිටින්ම ඇතුලට අරන් ගිය හැටි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ වන සතුන් දඩයම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු අනෙක් 6 දෙනා මේ මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වැලිමුවා, වල්ඌරා, මීමින්නා, හාවා, ඉත්තෑවා සහ දඩුලේනා ආදී වන සතුන් දඩයම් කර ආහාර පිණිස සකස් කරන ඡායාරූප ප්‍රථමයෙන් ප්‍රසිද්ධියට පත්වූයේ සමාජ ජාල වෙබ් අඩවි හරහායි.

ඒ අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ.

ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (3) නීතිඥයෙකු මාර්ගයෙන් පන්විල පොලීසියට භාර වූ අතර ඡායාරූපවල පෙනී සිටි සෙසු සැකකරුවන් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඡායාරූපවල ඇතුළත් මෙම සිදුවීම මීට වසර 5කට පමණ පෙර මඩුල්කැළේ ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් බවට ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බවයි.

සැකකරුවන් භාරයේ තිබූ වායු රයිෆල් දෙකක් සහ ගෑස් මගින් ක්‍රියාත්මක පිස්තෝල වර්ගයට අයත් ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පන්විල සහ නාවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S