Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පාදුක්ක බෝපේ ප‍්‍රදේශයේ පිහිටි වැඩබිමක ඊයේ රාත‍්‍රියේදි තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්.

පාදුක්ක බෝපේ අංගම්පිටිය මංසන්ධියේ පිහිටි වැඩ බිමක් තුළ ඊයේ රාත‍්‍රි 11.30 ට පමණ මෙම ඝාතනය සිදුවි තිබෙනවා. වෑන් රථයකින් මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබි තිබෙන්නේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු තරුණයා පාදුක්ක දිස්ත‍්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වි ඇත්තේ පාදුක්ක බෝපේ සමඟි මාවතේ පදිංචි 25 හැවිරිදි ලක්ෂාන් එදිරිසිංහ නම් තරුණයෙක්.

ඝාතනය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි වාහන 3 ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් කොට්ටාව සහ බෝපේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වු තරුණයා ඔවුන් සමඟ මත්පැන් පානය කර ඇති අතර පසුව ඔහු රැගෙන විත් ඝාතනය කර ඇති බවටයි අනාවරණය වි ඇත්තේ. කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S