Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අනුරාධපුර තලාව, දළදාපුර ප්‍රදේශයේදී ඉකුත් 01 වැනි සිකුරාදා රාත්‍රි සිදුකළ වෙඩි තැබීමකින් දහසය හැවිරිදි පාසල් සිසුවියක තුවාල ලබා ඇත.

එදින රාත්‍රි 7.35 ට පමණ ඇය මෙම වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා තලාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්‌වීමෙන් තුවාල ලබා ඇත්තේ තලාව මහා විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන තලාව, දළදාපුර, අංක 419 හි පදිංචි පී. සාරංගා මධුෂානි නමැති ශිෂ්‍යාවකි.

ඇය සිය පියා සමඟ නිවසේ සිටියදී නිවස ඉදිරිපිට වැට අසළ සිට කිසියම් පුද්ගලයකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට පලාගොස්‌ ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම සිසුවියගේ දකුණු පාදයේ කළවා ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවත්, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත්, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති අතර, වෙඩි තැබීම සිදුකොට පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට තලාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මාල් විඡේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S