Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලංකාවේ විවිධ යුග වලදි සිනමාවේ දිදුලන තාරකාවියන් බිහිවුණා. ඒ අතරින් තමන්ගේ නම සිනමාවේ නොමැකෙන තැනක ලියන්නට සමත් වුණු තාරකාවක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ.

ආදරය හා ලිංගිකත්වය ගැන ඇය දකින විදිහයි මේ.

ඔයා තවම ඉන්නෙ තරුණ්‍යය ගත කරමින් ද ?


එහෙමම මම තවම හිතාගෙන නැහැ. මම යථාර්ථයේ ඉන්න කෙනෙක්. මට ගතකරපු, ගතකරන හා ගතකිරීමට නියමිත කාලය ගැන දැක්මක් තියෙනවා.

එදා ආදරය ඔයාට දැණුනේ කොහොමද?

මට එදා ඒක දැනුණ, ආකර්ෂණයක්, කැමැත්තක් විදිහට, බහුතරයකින් එක්කෙනෙකුට ඇතිවන විශේෂ කැමැත්තක් විදිහට මම ආදරේ දැක්කා.

මුලින්ම ආදරෙයි කිව්වෙ ඔයාද? එයාද?


මම අහන්න ගියේ නෑ. මට කැමති අය හටියා. ඒත් මම කැමතියි කියන්න ගියේ නෑ. එයා තමයි මුලින්ම ඇහුවේ.

දැන් කාලෙ වගේ SMS නැති නිසා හා කියන්න ක්‍රමයක් හොයා ගත්තේ කොහොමද?


එයා මගෙන් අහලා ලියුමක් දුන්නා. මම ඒකට OK එක දීලා පිළිතුරු ලිපියක් යැව්වා.

එයාට කැමති වෙන්න තරම් එයා ලඟ තිබුණු සුදුසුකම් මොනවද?


මම එදා ඉඳලම ගතිගුණ කියන දේට මුල් තැන දුන්නා. තේරීම්වලදී හැමදාම මුලට ආවේ ගතිගුණ කියන දේ. හැමදාම මනුෂ්‍යත්වය මගේ ජීවිතයට අදාල වෙලා තිබුනා.

ගෙදරට හොරෙන් එයාව හමුවෙන්න අවස්ථාව ලැබුනද?


මගේ පළවැනි සම්බන්ධෙ නැති වුනෙත් ඒ නිසා. එයාට ඕන වුනේ මාව හමුවෙන්න. මම හමුවීම කියන වචනෙටත් බයයි. මම ආස වුණේ ඈත ඉඳලා බලලා අත වනලා යන හමුවීම් වලට විතරයි.

දැන් ආදරය සහ ලිංගිකත්වය අතර වෙනසක් නැති තරම්. ඒ කාලෙ එහෙමද ?


ඒ කාලෙ එහෙම නැහැ නේද. හමුවීමත් භයානකයි. අපි හරි බයයි. ලැජ්ජාව බය ඉස්සරහට ආවානේ.

එහෙනම් එයා අතින් අල්ලපු දවස මතකද?


මට ඒක මතක නෑනේ. කවදා කවද්ද කොතැනද කියලවත් මතක නෑ. ඒ කාලේ නම් මතක තියෙන්න ඇති පරණ දේවල් වැඩැක් නැති නිසා අමතක කරලා දැම්මා.

ඔයත් ඒ කාලේ ලේටස්ම ෆැෂන් කරපු කෙනෙක්ද?


එහෙම නැහැ. අපි හැම තිස්සෙම මව්පියන්ගේ ආර්ථීකය ගැන හිතුවා. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. හැබැයි සපත්තු දැම්මා. මම දාන්නේ Leather Point එකේ සපත්තු විතරයි. ඒක නම් අම්මට කරදරයක් වෙලා තිබුනා.

Perfume පාවිච්චි කලාද?


බ්‍රෑන්ඩඩ් ඒවා නම් පාවිච්චි කලේ නැහැ. ඕඩිකොලෝන් නම් ගානවා.

මුල්ම පෙම්වතා ඔයාට ෆැෂන් කරන විදිය ගැන කියලා දුන්නද?


එහෙම අහන්නවත් අවස්ථාවක් අපිට තිබුනේ නෑ. අනික ඒ කාලේ අපි හරිම සංවරයි. අපි හිටියේ කොටටවත් අඳින්න බැරි සමාජයක.

එදා ආදරය, ලිංගිකත්වය හා අද ආදරය, ලිංගිකත්වය කොහොමද දකින්නේ.


අද ආදරය කියන්නේ හරි ඉක්මන් තීන්දු තීරණ ගන්න දෙයක්. ඒක මුළු ලෝකෙම කරගෙන මැරෙන්න යනවා. පිහියෙන් ඇනලා මරන තැනට යනවා. එදා එහෙම නෑ. ආදරය කියන්නේ තවත් දෙයක් විතරයි. අපිට ජීවිතේ විඳින්න තවත් හුඟක් දේවල් තිබුණා. Sex අද හරි විවෘතයි. තමන්ගේ පෙම්වතාට නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යවන තැනට Sex පත්වෙලා. එදා නම් අතින් අල්ලන එකත් කාටවත් කියන්නේ නෑ. ඒකත් රහසක්.

ඒ කියන්නේ අදට වඩා එදා තාරුණ්‍ය සුන්දරයි කියන එකද?


සාපේක්ෂව සුන්දරයි. අද ළමයින්ට වඩා අපි ජීවිතේ වින්දා. අපේ අම්මලා අපිට වඩා විඳින්න ඇති.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S